විකල්ප කොළඹ - මහ දූපතෙන් ඔබ්බට කෘතිය : කෘතීම දූපත් කර්තෘ : සුනේත්‍රා රාජකරුණානායක 'සිස්ටම් චේන්ජ් එකක්" යන්න පසුගිය වර්ශවලදී වඩ වඩාත් කියවූ වචන අතර තවත් එකකි. එය හුදු සාංකල්පීය අවශ්‍යතාවක් නොව එරට පුරවැසියා විසින් අත්පත් කරගත යුත්තක් යැයි බොහෝ මිනිසුන් විසින් සිතනු ලබයි. සෑම දෙනෙක් ම පාහේ මෙවැනි වෙනසක් අවශ්‍ය බව කියති. නමුත් ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා අප කුමන මාවතක ගමන් කළ යුතුද, එය දන්නේ කවුරුන්ද යන්න ගැටළුවක් පැන නගිමින් ඇති අවධියක ඒ සඳහා සුලු අඩි පාරක් පෙන්නුම් කරන්නාවූ කෘතියක් ලෙස කෘතීම දූපත් හැදින්විය හැක. අප කවුරුත් හඳුනන සම්මානලාභී සුනේත්‍රා රාජකරුණානායක කතුවරිය විසින් රචිත මේ කෘතියේදී කතා සාරය වන්නේ 2045 දී පමන වන විට මහ දූපත එනම් ශ්‍රී ලංකාවෙන් එපිට මුහුදු තීරයේ කොළඹ 17 නමින් ඉදිවන කෘතිම දූපත් සමූහයක් ගැන වෙයි. කතුවරියගේ අනික් කෘති මෙන්ම මෙහිද ඇයගේ පර්යේෂණ ක්‍රියාවලියක අතුරු ඵලයක් ලෙස බිහිවී ඇති ⁣මේ ග්‍රන්ථය කියවීමේන් රසිකයන් හට තොරතුරු උකහා ගන්නා අතර රස විඳීමට ඉඩ හසර සලස්වා තිබේ. සාමාන්‍ය පාඨක මනසට ගෝචර නොවන සුලු පාරිසරික විද්‍යාව, භූගර්භ විද්‍යාව වැනි සංකීර්ණ වූ පසුබිමක ගොඩනැගෙන මේ කතාව ඇතැම් විට නීරස වූ මාතෘකාවක් ගොඩනගා ඇති යැයි සිතූවද මේ ග්‍රන්ථය ඉතා සෙමින් හා සක්‍රීයව ⁣කියවන විට මේ අති සංකීර්ණය යැයි සිතිය හැකි කරුණු සරල, මානූශීය හැඟීම් දනවන කුඩා ⁣⁣ක්ෂේම භූමියකට පාලමක් විවෘත කරයි. ⁣මෙහි කතා සාරය වනාහී අපාරාජිත් නම් අනූපස් හැවිරිදි පුද්ගලයෙකු වටා ගෙතී තිබේ. අපරාජිත් ඉංජිනේරුවකු, භූගර්භ විද්‍යාඥයෙකු, සාගර විද්‍යාඥයෙකු හා මහ දූපතේ ජරා ජීර්ණ දේශපාලනයෙන් හෙම්බත් වූවකු වශයෙන් හඳුනා⁣ගත හැක. වසර ගණනක් මුළුල්ලේ ඔහුගේ (මිතුරියක්) සමඟ කරන්නා වූ පර්යේක්ෂණාවලියක අවසන් ප්‍රතිඵල වශයෙන් මහ දූපටත ඔබ්බෙන් නිවාස හා කෞතුකාගාර පද්ධතියක් ලෙස ගොඩනැගෙන්නේ ඒ ඔහු දකින සිහිනයයි. යට කියූ පරිදි මෙහි ගැබ්ව ඇති කතාව මූලික වශයෙන් ප්‍රධාන ධාරා දෙකක් ඔස්සේ ගලා යයි. ඉන් පළමු වැන්න නම් මහ දූපතේ ඇති ජරාජීර්ණ දේශපාලනික, සංස්කෘතික පෙකණි වැලෙන් මිදී නව ලෝකයක්, වෙනස් විදිහට හිතන  පිරිසක් ඇති භූමියක් බවට පත් කිරීමේ අභිලාෂය යි. "මහ දූපතේ තිබුණේ ළමයෙක් ඉස්කෝලෙකට දා ගැනීමේ ඉඳලා විදේශ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම දක්වා දෙමාපියො වංචනික ලේඛන සැලසීමේ ක්‍රමයක්. ඉතාම කුඩා ගෙයක් හදන්න පවා ප්‍රාදේශීය සභාවකින් අනුමත කරගන්න පගාවක් දිය යුතු වුණා. රජයට භාණ්ඩ සපයන හැම ටෙන්ඩර් එකක්ම පගාවලින් තර වුණා. දූෂණ වංචා නතර කරන්න කියලා කවුරු හරි බලයට ආවම කලින් හිටිය මීයෝ ටික ඒ නැවෙන් මේ නැවට පැනීම සුලභ දර්ශනයක් වුණා. මෙහෙම කෙටියෙන් කියන්න බැරි තරම් හිරිකිත වැඩ සිද්ධ වෙන කොට ඒවා නිරාවරණය කරන්න බැරි තරමෙ අවුල් ඇතිවෙලා තිබුණා. එතකොට අපි මේ කවදාවත් හදන්න බැරි විදිහේ කෘතිම දූපතක යෝජනාවක් ගෙනාවේ නව පාලන ක්‍රමයක් එක්කයි." (පිටුව 81) තව දුරටත් මහ දූපතේ පවතින පාලනතන්ත්‍රයේ නෛතික, දේශපාලනික, ආකල්පමය වශයෙන් මුල්බැසගෙන ඇති අක්‍රමිකතාවලින් වියුක්ත නව අවකාශයක් ගොඩනැගිමේ සිහිනය අපරාජිත් තුල තිබේ. සමහර විට ඔහු මහ දූපතේ වෙසෙන කාලය අතරතුර ඔහු මුහුණ දුන් අත්දැකීම් නිසාවෙන් මෙවැනි තීරණයක එල්බගෙන සිටියා විය හැක. ඒ පිළිබඳ ව සඳහනක් නැතත් පහත ප්‍රකාශය හා සසඳන කළ ඔහුගේ එක් අභිප්‍රායක් වනුයේ දේශපාලන පක්ශ වශයෙන් හෝ පන්ති වශයෙන්, ස්ත්‍රි පුරුශ වශයෙන්, ජාති වශයෙන්, ආගම් වශ⁣යෙන් හෝ මොනයම් හෝ ආකාරයකින් වෙන් කොට මිනිසා වෙනස් ප්‍රාණියෙකැයි බලා වෙනස් වශයෙන් සලකන සමාජයක් වෙනුවට මිනිසා යනු අනෙකාගේ රුචි අරුචිකම්වලට ගරු කරන, අනේකාගේ නිදහසට බාධා නෙකරන, ⁣අනෙක් අතට එකිනෙකාට වෙනස් නොවු පොදු නීතී සංග්‍රහයක් යටතේ වැඩ කරන මනුශ්‍ය වර්ගයන් සිටින ස්ථානයක් බවට කෘතිම දූපත පත් කිරීමයි. "පාලන අකෘතියෙ ලිබරල් ගතිය නිසාම වරින්වර පුද්ගල ගැටුම්, පෞරුෂ අභිමාන ප්‍රශ්න එහෙම මතු වෙනවා. නමුත් කවුරුත් උත්සාහ කරන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රීය ආදර්ශයක් තනා ගන්නයි. ඒක තමයි අපේ භාවනාව. ඒ කියන්නේ අනෙකාගේ නිදහසට, පැවැත්මට, රුචි අරුචිකම්වලට, සංස්කෘතික වෙනස් කම්වලට ගරු කරන පොදු නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වෙන ආකාරයට කෘතිම දූපත් පවත්වා ගෙන යාමේ ප්‍රයත්නය." (පිටුව 92) "බලවතුන්ට, ධනවතුන්ට දේශපාලනඥයන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් තියනවනම් ඒක තමයි කෘතිම. අපේ මහ දූපතේ නං තාම එහෙම වෙනවා කියලා ආරංචියි" පිටුව 93 මෙහි දෙවැනි කතාව ඇදී යන්නේ අපරාජිත්ගේ සිතෙහි තිබූ අප්‍රකාශිත ප්‍රේමයක් වටාය. සාතිශය ගැඹුරුවූත් විද්‍යාත්මක වූ රළු පර්වතයක් වැනි සංකල්පයක් මත පිපිණු ඉතා රමණිය කුඩා පුෂ්පයක සේ ඒ ආදර කතාව කිසිවෙකුට නොදැනෙන ලෙස ඇදී යයි. බොහෝ වෙහෙස වී පර්වතය මුදුනට නගින්නෙකුට ඒ මලේ මිහිරියාව විඳගත හැකි වුවද දුර බලන්නෙකුට පෙනෙන්නේ ඒ රළු පරළු පෘෂ්ඨය පමණි. අපරාජිත් සිය දිවියම සාගරයත් දූපතටක් යටකළ, කිසිදු කලක හැඟිම්බර නොවූ චරිතයක් ලෙස සිය ඥාතී දරු මුණුබුරන් සිතන නමුත් ඒ දෘඩ ගල් පතුරු සෙමින් බිඳි යන සළකුණු කෘතිය පුරා වරින් වර දක්නට ලැබේ. අපරාජිත් වරින් වර මුමුණන ආදරය ගැන ලියවූ ලතින් කවි මේ බව පැහැදිලි කරවයි. අපරාජිත් පිළිබඳව අන් අය සිතන ලද්දේ කිසිම දිනෙක ආදරය නොකළ ආදර නොලද මිනිසෙකු ලෙසිනි. ඒ පිළිබඳ කතා කිරීමෙන්ද වැලකී සිටිමෙන් ඔහු සිය ජීවිතය තුල ආදරය ගැන ඇති අංශු මාත්‍රික සිතුවිල්ලකුදු නැතැයි අන් අයට ඒත්තු ගැන්වීමට සමත් වන්නේ මේ නිසාව. ඔහු පෙම් කරන එකම දෙය ඔහුගේ බස්තම පමණි. නමුත් සියල්ල ⁣වෙනස් වන්නේ ඔහුගේ මරණයත් සමගය. අපරාජිත්ගෙ මරණයත් සමඟ පැමිණෙන ඔහුගේ ප්‍රාණසම මිතුරිය පවසන්නේ වෙනත් කතාවකි. අපරාජිත්ගේ හදවතෙහි ආදරය පිළිබඳව වෙනම පරිච්ඡේදයක් ඇති බව දැන ගන්නේ ඔහුගේ මරණින් පසුවය. කෘතිම දූපතක් ඇති කළ කෘතීම හදවතක් සහිත කාන්තාරමය මිනිසෙකුගේ ශේෂ වූ ආදරණිය පාරාදීසයක් තිබූ පුවත රැගෙන පැමිණෙන අපරාජිත්ගේ මිතුරිය ජයත්‍රී රාමනායකයි. ඇය ඔහුගේ පෙම්වතිය වීද යන්න ප්‍රශ්නයට අපරාජිත් කිසිදා ඍජු පිළිතුරක් දුන්නේ නැත. නමුත් නිමක් නැති ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පිළිතුරුක් ලබා දෙයි. "මං අසීමිත විදියට ආදරය කරපු මටත් අසීමිත ආදරයක් තිබුණු ගෑණියක් හිටියා" පිටුව 119 අපරාජිත් හා ජයත්‍රී අතරප තිබූ සම්බන්ධතාව වෘත්තීමයභාවයට එහා ගියත් ලිංගිකත්වය ⁣හා එක්ම ජීවත් වීම යන වෛවාහික සීමාවටත් අතර මැද කළාපයක ස්ථානගත කිරීමට අපරාජිත් පෙළඹෙයි. ගැහැණියකගේත් , පිරිම්යෙකුගේත් ඇති සාමාන්‍ය සබඳතවය එහා ගිය වෙනස් ම ආකාරයේ බැඳියාවක් අපරාජිත් හා ජයත්‍රී අතර දක්නට ලැබීම මෙම කෘතියේ තවත් එක් සුවිශේෂතවයක් ලෙස පෙන්වා දිය හැක. "සෙල්ලමක් වගේ පෙනුනට ඒක ද්වන්ධව සටනක්.එකිනෙකාට යටත් වෙන්න අකමැති වුනත් ආදරයක් ගෞරවයක් නැතුව නෙමෙයිනෙ. එයා මට අභියෝග කරන්න ආසයි. මගේ මත බිඳිම එයාට ලිංගික තෘප්තියක් වගේ වෙන්න ඇති. ඒ හින්දා මං එයාට තර්ක කරන්න ඉඩ හැරියා" ආදරයක් රැකගැනීමට නං එයින් ඈත්වී සිටිය යුතු බව අපරාජිත්ගේ විස්වාශයකි. එක් අතකින් ගත් කළ එහි සැබෑවක් නැත්තේම නැත. ලූෂන් බුලත්සිංහල වරක් මෙසේ ප්‍රකාශ කරයි. සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙයි.. එක්වූ පෙම්වතුන් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙයි.. වෙන්වී ගියවුන් සදාකාලික පෙම්වතුන් ලෙසම ජීවත් වෙයි.. මේ අදහසම අපරාජිත් ප්‍රකාශ කරන්නේ පහත පරිදි ය. භාෂාව ගැලපුණා. අදහස් අතින් අන්‍යෝන්‍ය ගෞරවයක් තිබුණා. අසීමිත ආදරයක් දැනුණා. ඒ නිසාම ඒක නැති කර ගන්න තියෙන කෙටිම ක්‍රමය එකට ජීවත් වීමයි කියලා දැනගෙන හිටියා. පිටුව 125 අපරාජිත්ගේ කෘතීම දූපත තැනීමේ සිහිනය යටින් මකුළු දැලක සියුම් බවින් යුක්ත ⁣ප්‍රේමයක් ගෙනයාම ම මේ කෘතියේ රසය ඉස්මතු කරන බව හැගෙන අතර එය අන් කතා ආකෘතියට පරිබාහිර තලයක හිඳ ඒ හැඟීම් ගෝචර කර ගැනීමට අපව පොළඹවයි. කෙසේ නමුදු දෙදෙනා කෙරේ ඇති මේ ආදර කතාව කිසිදු විටක උත්කර්ශයට නොනැගෙන අතර තවත් චිරාත් කාලයක් යනතෙක් කෘතීම දූපතත් ඒ ආදරයත් තව දුරටත් එලෙසම පවතින බව කෘතිය කියවා අවසන් වූ විට සිතීමට පෙළඹවෙයි. "ස්ත්‍රීන්ට ඕනේ පිරිමියෙක්ගෙ හර්දය වස්තුව නූලකින් හරි ගැට ගහලා තියා ගන්නලු. හුඟාක් ඉස්සර එහෙම ගැට ගහපු හදවතක් කොහොම හරි පැනලා යන්න හිතාගෙන ග්ලැෂියර් එකක් හරහා යන වෙලාවක පහළට පෙරලෙන්න ඇතිලු. ඒක පහු කාලෙක ග්ලැෂියර් එක දියවෙනකොට දිය පාරකට වැටිලා අපරිමා ගඟට එන්න ඇතිලු....." පිටුව 139 මහ වෙදගේ තරිඳු

විකල්ප කොළඹ – මහ දූපතෙන් ඔබ්බට

කෘතිය : කෘතීම දූපත්
කර්තෘ : සුනේත්‍රා රාජකරුණානායක

‘සිස්ටම් චේන්ජ් එකක්” යන්න පසුගිය වර්ශවලදී වඩ වඩාත් කියවූ වචන අතර තවත් එකකි. එය හුදු සාංකල්පීය අවශ්‍යතාවක් නොව එරට පුරවැසියා විසින් අත්පත් කරගත යුත්තක් යැයි බොහෝ මිනිසුන් විසින් සිතනු ලබයි. සෑම දෙනෙක් ම පාහේ මෙවැනි වෙනසක් අවශ්‍ය බව කියති. නමුත් ඒ අවශ්‍යතාව සපුරාලීම සඳහා අප කුමන මාවතක ගමන් කළ යුතුද, එය දන්නේ කවුරුන්ද යන්න ගැටළුවක් පැන නගිමින් ඇති අවධියක ඒ සඳහා සුලු අඩි පාරක් පෙන්නුම් කරන්නාවූ කෘතියක් ලෙස කෘතීම දූපත් හැදින්විය හැක.
අප කවුරුත් හඳුනන සම්මානලාභී සුනේත්‍රා රාජකරුණානායක කතුවරිය විසින් රචිත මේ කෘතියේදී කතා සාරය වන්නේ 2045 දී පමන වන විට මහ දූපත එනම් ශ්‍රී ලංකාවෙන් එපිට මුහුදු තීරයේ කොළඹ 17 නමින් ඉදිවන කෘතිම දූපත් සමූහයක් ගැන වෙයි. කතුවරියගේ අනික් කෘති මෙන්ම මෙහිද ඇයගේ පර්යේෂණ ක්‍රියාවලියක අතුරු ඵලයක් ලෙස බිහිවී ඇති ⁣මේ ග්‍රන්ථය කියවීමේන් රසිකයන් හට තොරතුරු උකහා ගන්නා අතර රස විඳීමට ඉඩ හසර සලස්වා තිබේ. සාමාන්‍ය පාඨක මනසට ගෝචර නොවන සුලු පාරිසරික විද්‍යාව, භූගර්භ විද්‍යාව වැනි සංකීර්ණ වූ පසුබිමක ගොඩනැගෙන මේ කතාව ඇතැම් විට නීරස වූ මාතෘකාවක් ගොඩනගා ඇති යැයි සිතූවද මේ ග්‍රන්ථය ඉතා සෙමින් හා සක්‍රීයව ⁣කියවන විට මේ අති සංකීර්ණය යැයි සිතිය හැකි කරුණු සරල, මානූශීය හැඟීම් දනවන කුඩා ⁣⁣ක්ෂේම භූමියකට පාලමක් විවෘත කරයි.

⁣මෙහි කතා සාරය වනාහී අපාරාජිත් නම් අනූපස් හැවිරිදි පුද්ගලයෙකු වටා ගෙතී තිබේ. අපරාජිත් ඉංජිනේරුවකු, භූගර්භ විද්‍යාඥයෙකු, සාගර විද්‍යාඥයෙකු හා මහ දූපතේ ජරා ජීර්ණ දේශපාලනයෙන් හෙම්බත් වූවකු වශයෙන් හඳුනා⁣ගත හැක. වසර ගණනක් මුළුල්ලේ ඔහුගේ (මිතුරියක්) සමඟ කරන්නා වූ පර්යේක්ෂණාවලියක අවසන් ප්‍රතිඵල වශයෙන් මහ දූපටත ඔබ්බෙන් නිවාස හා කෞතුකාගාර පද්ධතියක් ලෙස ගොඩනැගෙන්නේ ඒ ඔහු දකින සිහිනයයි.

යට කියූ පරිදි මෙහි ගැබ්ව ඇති කතාව මූලික වශයෙන් ප්‍රධාන ධාරා දෙකක් ඔස්සේ ගලා යයි. ඉන් පළමු වැන්න නම් මහ දූපතේ ඇති ජරාජීර්ණ දේශපාලනික, සංස්කෘතික පෙකණි වැලෙන් මිදී නව ලෝකයක්, වෙනස් විදිහට හිතන  පිරිසක් ඇති භූමියක් බවට පත් කිරීමේ අභිලාෂය යි.

“මහ දූපතේ තිබුණේ ළමයෙක් ඉස්කෝලෙකට දා ගැනීමේ ඉඳලා විදේශ ශිෂ්‍යත්වයක් ලබා ගැනීම දක්වා දෙමාපියො වංචනික ලේඛන සැලසීමේ ක්‍රමයක්. ඉතාම කුඩා ගෙයක් හදන්න පවා ප්‍රාදේශීය සභාවකින් අනුමත කරගන්න පගාවක් දිය යුතු වුණා. රජයට භාණ්ඩ සපයන හැම ටෙන්ඩර් එකක්ම පගාවලින් තර වුණා. දූෂණ වංචා නතර කරන්න කියලා කවුරු හරි බලයට ආවම කලින් හිටිය මීයෝ ටික ඒ නැවෙන් මේ නැවට පැනීම සුලභ දර්ශනයක් වුණා. මෙහෙම කෙටියෙන් කියන්න බැරි තරම් හිරිකිත වැඩ සිද්ධ වෙන කොට ඒවා නිරාවරණය කරන්න බැරි තරමෙ අවුල් ඇතිවෙලා තිබුණා. එතකොට අපි මේ කවදාවත් හදන්න බැරි විදිහේ කෘතිම දූපතක යෝජනාවක් ගෙනාවේ නව පාලන ක්‍රමයක් එක්කයි.”
(පිටුව 81)

තව දුරටත් මහ දූපතේ පවතින පාලනතන්ත්‍රයේ නෛතික, දේශපාලනික, ආකල්පමය වශයෙන් මුල්බැසගෙන ඇති අක්‍රමිකතාවලින් වියුක්ත නව අවකාශයක් ගොඩනැගිමේ සිහිනය අපරාජිත් තුල තිබේ. සමහර විට ඔහු මහ දූපතේ වෙසෙන කාලය අතරතුර ඔහු මුහුණ දුන් අත්දැකීම් නිසාවෙන් මෙවැනි තීරණයක එල්බගෙන සිටියා විය හැක. ඒ පිළිබඳ ව සඳහනක් නැතත් පහත ප්‍රකාශය හා සසඳන කළ ඔහුගේ එක් අභිප්‍රායක් වනුයේ දේශපාලන පක්ශ වශයෙන් හෝ පන්ති වශයෙන්, ස්ත්‍රි පුරුශ වශයෙන්, ජාති වශයෙන්, ආගම් වශ⁣යෙන් හෝ මොනයම් හෝ ආකාරයකින් වෙන් කොට මිනිසා වෙනස් ප්‍රාණියෙකැයි බලා වෙනස් වශයෙන් සලකන සමාජයක් වෙනුවට මිනිසා යනු අනෙකාගේ රුචි අරුචිකම්වලට ගරු කරන, අනේකාගේ නිදහසට බාධා නෙකරන, ⁣අනෙක් අතට එකිනෙකාට වෙනස් නොවු පොදු නීතී සංග්‍රහයක් යටතේ වැඩ කරන මනුශ්‍ය වර්ගයන් සිටින ස්ථානයක් බවට කෘතිම දූපත පත් කිරීමයි.

“පාලන අකෘතියෙ ලිබරල් ගතිය නිසාම වරින්වර පුද්ගල ගැටුම්, පෞරුෂ අභිමාන ප්‍රශ්න එහෙම මතු වෙනවා. නමුත් කවුරුත් උත්සාහ කරන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රීය ආදර්ශයක් තනා ගන්නයි. ඒක තමයි අපේ භාවනාව. ඒ කියන්නේ අනෙකාගේ නිදහසට, පැවැත්මට, රුචි අරුචිකම්වලට, සංස්කෘතික වෙනස් කම්වලට ගරු කරන පොදු නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වෙන ආකාරයට කෘතිම දූපත් පවත්වා ගෙන යාමේ ප්‍රයත්නය.”

(පිටුව 92)

“බලවතුන්ට, ධනවතුන්ට දේශපාලනඥයන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට තව නීතියකුත් තියනවනම් ඒක තමයි කෘතිම. අපේ මහ දූපතේ නං තාම එහෙම වෙනවා කියලා ආරංචියි”

පිටුව 93

මෙහි දෙවැනි කතාව ඇදී යන්නේ අපරාජිත්ගේ සිතෙහි තිබූ අප්‍රකාශිත ප්‍රේමයක් වටාය. සාතිශය ගැඹුරුවූත් විද්‍යාත්මක වූ රළු පර්වතයක් වැනි සංකල්පයක් මත පිපිණු ඉතා රමණිය කුඩා පුෂ්පයක සේ ඒ ආදර කතාව කිසිවෙකුට නොදැනෙන ලෙස ඇදී යයි. බොහෝ වෙහෙස වී පර්වතය මුදුනට නගින්නෙකුට ඒ මලේ මිහිරියාව විඳගත හැකි වුවද දුර බලන්නෙකුට පෙනෙන්නේ ඒ රළු පරළු පෘෂ්ඨය පමණි. අපරාජිත් සිය දිවියම සාගරයත් දූපතටක් යටකළ, කිසිදු කලක හැඟිම්බර නොවූ චරිතයක් ලෙස සිය ඥාතී දරු මුණුබුරන් සිතන නමුත් ඒ දෘඩ ගල් පතුරු සෙමින් බිඳි යන සළකුණු කෘතිය පුරා වරින් වර දක්නට ලැබේ. අපරාජිත් වරින් වර මුමුණන ආදරය ගැන ලියවූ ලතින් කවි මේ බව පැහැදිලි කරවයි.

අපරාජිත් පිළිබඳව අන් අය සිතන ලද්දේ කිසිම දිනෙක ආදරය නොකළ ආදර නොලද මිනිසෙකු ලෙසිනි. ඒ පිළිබඳ කතා කිරීමෙන්ද වැලකී සිටිමෙන් ඔහු සිය ජීවිතය තුල ආදරය ගැන ඇති අංශු මාත්‍රික සිතුවිල්ලකුදු නැතැයි අන් අයට ඒත්තු ගැන්වීමට සමත් වන්නේ මේ නිසාව. ඔහු පෙම් කරන එකම දෙය ඔහුගේ බස්තම පමණි. නමුත් සියල්ල ⁣වෙනස් වන්නේ ඔහුගේ මරණයත් සමගය.

අපරාජිත්ගෙ මරණයත් සමඟ පැමිණෙන ඔහුගේ ප්‍රාණසම මිතුරිය පවසන්නේ වෙනත් කතාවකි. අපරාජිත්ගේ හදවතෙහි ආදරය පිළිබඳව වෙනම පරිච්ඡේදයක් ඇති බව දැන ගන්නේ ඔහුගේ මරණින් පසුවය. කෘතිම දූපතක් ඇති කළ කෘතීම හදවතක් සහිත කාන්තාරමය මිනිසෙකුගේ ශේෂ වූ ආදරණිය පාරාදීසයක් තිබූ පුවත රැගෙන පැමිණෙන අපරාජිත්ගේ මිතුරිය ජයත්‍රී රාමනායකයි. ඇය ඔහුගේ පෙම්වතිය වීද යන්න ප්‍රශ්නයට අපරාජිත් කිසිදා ඍජු පිළිතුරක් දුන්නේ නැත. නමුත් නිමක් නැති ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පිළිතුරුක් ලබා දෙයි.

“මං අසීමිත විදියට ආදරය කරපු මටත් අසීමිත ආදරයක් තිබුණු ගෑණියක් හිටියා”
පිටුව 119

අපරාජිත් හා ජයත්‍රී අතරප තිබූ සම්බන්ධතාව වෘත්තීමයභාවයට එහා ගියත් ලිංගිකත්වය ⁣හා එක්ම ජීවත් වීම යන වෛවාහික සීමාවටත් අතර මැද කළාපයක ස්ථානගත කිරීමට අපරාජිත් පෙළඹෙයි. ගැහැණියකගේත් , පිරිම්යෙකුගේත් ඇති සාමාන්‍ය සබඳතවය එහා ගිය වෙනස් ම ආකාරයේ බැඳියාවක් අපරාජිත් හා ජයත්‍රී අතර දක්නට ලැබීම මෙම කෘතියේ තවත් එක් සුවිශේෂතවයක් ලෙස පෙන්වා දිය හැක.

“සෙල්ලමක් වගේ පෙනුනට ඒක ද්වන්ධව සටනක්.එකිනෙකාට යටත් වෙන්න අකමැති වුනත් ආදරයක් ගෞරවයක් නැතුව නෙමෙයිනෙ. එයා මට අභියෝග කරන්න ආසයි. මගේ මත බිඳිම එයාට ලිංගික තෘප්තියක් වගේ වෙන්න ඇති. ඒ හින්දා මං එයාට තර්ක කරන්න ඉඩ හැරියා”

ආදරයක් රැකගැනීමට නං එයින් ඈත්වී සිටිය යුතු බව අපරාජිත්ගේ විස්වාශයකි. එක් අතකින් ගත් කළ එහි සැබෑවක් නැත්තේම නැත. ලූෂන් බුලත්සිංහල වරක් මෙසේ ප්‍රකාශ කරයි.

සැබෑ පෙම්වතුන්
කිසිදා එක් නොවෙයි..
එක්වූ පෙම්වතුන්
සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවෙයි..
වෙන්වී ගියවුන්
සදාකාලික පෙම්වතුන් ලෙසම
ජීවත් වෙයි..

මේ අදහසම අපරාජිත් ප්‍රකාශ කරන්නේ පහත පරිදි ය.

භාෂාව ගැලපුණා. අදහස් අතින් අන්‍යෝන්‍ය ගෞරවයක් තිබුණා. අසීමිත ආදරයක් දැනුණා. ඒ නිසාම ඒක නැති කර ගන්න තියෙන කෙටිම ක්‍රමය එකට ජීවත් වීමයි කියලා දැනගෙන හිටියා.
පිටුව 125

අපරාජිත්ගේ කෘතීම දූපත තැනීමේ සිහිනය යටින් මකුළු දැලක සියුම් බවින් යුක්ත ⁣ප්‍රේමයක් ගෙනයාම ම මේ කෘතියේ රසය ඉස්මතු කරන බව හැගෙන අතර එය අන් කතා ආකෘතියට පරිබාහිර තලයක හිඳ ඒ හැඟීම් ගෝචර කර ගැනීමට අපව පොළඹවයි. කෙසේ නමුදු දෙදෙනා කෙරේ ඇති මේ ආදර කතාව කිසිදු විටක උත්කර්ශයට නොනැගෙන අතර තවත් චිරාත් කාලයක් යනතෙක් කෘතීම දූපතත් ඒ ආදරයත් තව දුරටත් එලෙසම පවතින බව කෘතිය කියවා අවසන් වූ විට සිතීමට පෙළඹවෙයි.

“ස්ත්‍රීන්ට ඕනේ පිරිමියෙක්ගෙ හර්දය වස්තුව නූලකින් හරි ගැට ගහලා තියා ගන්නලු. හුඟාක් ඉස්සර එහෙම ගැට ගහපු හදවතක් කොහොම හරි පැනලා යන්න හිතාගෙන ග්ලැෂියර් එකක් හරහා යන වෙලාවක පහළට පෙරලෙන්න ඇතිලු. ඒක පහු කාලෙක ග්ලැෂියර් එක දියවෙනකොට දිය පාරකට වැටිලා අපරිමා ගඟට එන්න ඇතිලු…..”

පිටුව 139

මහ වෙදගේ තරිඳු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top