තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! -දූවරුම තුන් දෙනෙක්- "දූගෙ අප්පච්චි!" තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින් නිදහස්ව ඇගේ ජීවිතේ හොඳම කාලය ඇයට විඳින්නට ඉඩහසර සදා දී, හදවතේ ගැඹුරක සඟවා ගත් අපිරිමිත සෙනෙහසත් සමඟ මැණිකක් සේ දූවරුන් රකින අප්පච්චිලාගේ කතාවයි මේ. මේ වචන පුතෙක්ටත් දුවෙක්ටත් කියා දූවරුම සිටින සියලු පියවරුන්ට සෙනෙහසේ තිලිණයකි. ජීවිතේ කෙදිනකවත් අත්නොහරින, අත්නොහැරෙන නොබිඳෙන බැඳීම් ඇති එකම තැන පවුලයි. දාහක් හේතු මැද වුව නොසෙල්වී ඉන්නට තරම් සවිය දෙන සෙනෙහසේ උල්පත එයයි. දුක් සුසුම් වියැකෙන්නට, හිනැහෙන්නට හේතු දුන් ආදරේ පවුර එයයි. එවන් පවුලකට දූවරුන් කියන්නේ තවත් ආලෝකයක් එක් කරන සඳ මඬලක් වැනිය. "දූවරුම තුන් දෙනෙක්" ගීතය එලෙස දූවරුන් පමණක් සිටින පවුලක පියෙකුගේ සුන්දර අත්දැකීම් සහ හැඟීම් පිළිබඳව ගැයෙන සොඳුරු නිර්මාණයකි. මෙම ගීතය දිනූෂා විජේරත්නගේ ගී පද රචනයෙන් සහ ලසන්ත අබේපාලගේ තනු නිර්මාණය සහ සංගීතය මුසු වී ඔහුගේම හඬින් ගැයෙන ගීයකි. "දූවරුම තුන් දෙනෙක්", පවුලක වාසනා මහියමයට ගී තිලිණයකි. "සඳ මෝරා නැගෙන්නට ගියා දස මාසයක් කුළුඳුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක් පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්" දසමාසයක් ගොස් අවසන මගේ චන්ද්‍ර මණ්ඩලයේ සඳ නැඟී මගේ මුළු ලොවම එළිය කළේය. මෙලෙස "දුවෙකුගේ ඉපදීම" රූපකාර්ථයෙන් දක්වා තිබීම ඉතාමත් අපූර්වය. "කුළුඳුලේ මගෙ මැණික ගෙනාවේ සුදු දුවෙක්" යනුවෙන් "මගෙ මැණික" තුළින් තම බිරිඳට දක්වන අපිරිමිත සෙනෙහස ද ඉස්මතු වේ. සුමුදු සුසිනිඳු රෙදිකඩක ඔතාගෙන සුදුම සුදු දූ සිඟිත්තක් කුළුඳුලේ අපේ පවුලට පැමිණියේ මගේ මුළු ජීවිතයම එළිය කරමිනි. කවුරුත් කියන ලෙසට පරපුරේ උරුමය ඉදිරියට ගෙන යන්නට කියා මට පුතෙක් නොසිටියත් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙකි. මගේ පවුලේ වාසනාව ඔවුන්ය. තුන් සඳක් පෑයු චන්ද්‍ර මණ්ඩලයක් මට දැන් හිමිය. "ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි මද්දුමි හරි දඟයි කටකාරකම් ගොඩයි පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි" ලොකු දුවෙක් කියන්නෙම පවුලේ සිරියාව රැගෙන ආ මගේ කුළුදුල් තාරකාවියයි. "මද්දුමි" එසේ නැතහොත් පවුලේ දෙවෙනි දියණියගේ නම් හුරතලය උතුරා යන දඟකාරකම් එමටය. පොඩි දුව, නුඹ අප්පචිගේ වාසනා මහිමයයි. ඇත්තමයි නුඹලාගේ දඟකාරකම්, හැඩකාරකම්, කෙළිකවටකම් දකිමින් වින්දා මිස මට පුතෙක් නොමැති අඩුවක් කෙදිනකවත් දැනුනේ නැත. පුතෙක් මෙන් මගේ ශක්තිය ද දුවෙක් මෙන් මගේ සිරියාව ද නුඹලාය. "මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි රළ නැඟෙන තෙක් වෙරළ නිසසලව මඟ බලයි තුන් මංසලේ ඉන්න අප්පච්චි මං තමයි" ගස් සෙවණේ හැදී මල් පිපෙන බව නම් ඇත්තයි. නමුත් ගසට හැමදාටමත් ඒ මල් ළඟ තියා ගත නොහැකිය. එසේම කිරිල්ලියක් නම් ඇය කෙදිනක හෝ කැදැල්ලෙන් ඉගිල යා යුතුව ඇත. කිරිල්ලියන් ඇති දැඩි කර තටු හයිය කර ඔවුනට මේ ජීවිතය නමැති විසල් අහසේ නිදහසේ ඉගිල යන්නට ඉඩ සදා දිය යුතුය. දුවෙක් නම් කවදා හෝ විවාහයෙන් පසු තම පවුලෙන් වෙන් වී ස්වාමියාගේ පවුලට සම්බන්ධ වී යා යුතුව ඇත. එම වෙන්වීම මෙලෙස අපූර්ව උපමා සහ රූපලාර්ථයෙන් දක්වා තිබීම පද රචනයේ සොඳුරු ඉසව්ය. තමන්ගේ පවුලෙන් දුවෙකු වෙන්ව යාම පියෙකුගේ හදවතට කෙතරම් නම් වේදනාබර හැඟීමක්ද යන වග දූවරුන් සිටිනා පියවරුන්ගෙන් ඇසුවහොත් ඔවුන්ගේ වචන වලටත් කලින් කඳුළු ඉස්සර වනවා නිසැකය. එය එතරම්ම හදවතට බර කාරණාවකි. කෙසේ නමුත් රළ නැඟෙන තෙක් මේ වෙරළ නිහඬවම මඟ බලාගෙන හිඳියි යනුවෙන් නුඹලා ජීවිතේ ඉහළටම නැඟෙන තුරු වෙරළක් සේ අප්පච්චි නිහඬවම මඟ බලා හිඳින බව අපූර්ව ලෙස අර්ථවත් කර ඇත. ඉතින්, මගේ දූවරුනි, නුඹ මගේ ලෝකයයි. නිහඬ නිසසල සෙනෙහසත් තුරුලු කර නුඹ තිදෙනා යනෙන මේ තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! මෙහි දූවරුන් තිදෙනා යන මඟ " තුන් මංසල" යනුවෙන් අර්ථ ගන්වා තිබෙන අයුරු ඉතාමත් අගනේය. කිසිදිනෙක පියවරුන්ගේ වචන නොකළ සෙනෙහස සහ ඔහු තුළ දුවෙකුට ඇති බැඳීමේ මහිමය "දූවරුම තුන් දෙනෙක්" ගීතයෙන් ඉතාමත් සියුම්ව ගැයෙයි. ලසන්ත අබේපාලයන්ගේ හඬින් ඒ දාරක ස්නේහයේ හැඟීම් වඩාත් සුන්දර අයුරින් ඉස්මතු කරමින් පියෙකුගේ හඬ සහ ඔහුගේ සිතුවිලි ඒ තුළින් සහෘද හදවතට දැනෙන්නට සලස්වා ඇත. ඉතින්, තාත්තාට දුවෙක් කියන්නේ ඔහුගේ හදවතේ චන්ද්‍රාලෝකය ය. දුවෙකුගේ වීරයා ඇගේ තාත්තාය! දූවරුන් සිටින සියලු පියවරුන්ට සහ පියෙකුගේ ඒ ගැඹුරු සෙනෙහස විඳින දූවරුන්ට ද මෙම ගීය වටිනා තිලිණයක් වනු ඇත! -නවෝද්‍යා ධනංජනී-

තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි!

-දූවරුම තුන් දෙනෙක්-

“දූගෙ අප්පච්චි!” තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නෙ මහමෙරක් තරම් වටින බැඳීමක්. පිය පුතු සෙනෙහසත් ඒ තරම්ම ශක්තිමත් බව ඇත්තක් නමුත් දූවරු සහ අප්පච්චිලා අතරේ ඇති බැඳීම ඊට නොදෙවෙනිය. රෝස මලක් සේ ඇති දැඩි කර කිරිල්ලියක සේ නිදහසේ ඉගිල යන්නට පියාපත් දී නිඬවම දෑස් දල්වා බලා හිඳින නිහඬ ප්‍රේමවන්තයා ඔහුය. වගකීම් සහ වගවීම් වලින් නිදහස්ව ඇගේ ජීවිතේ හොඳම කාලය ඇයට විඳින්නට ඉඩහසර සදා දී, හදවතේ ගැඹුරක සඟවා ගත් අපිරිමිත සෙනෙහසත් සමඟ මැණිකක් සේ දූවරුන් රකින අප්පච්චිලාගේ කතාවයි මේ. මේ වචන පුතෙක්ටත් දුවෙක්ටත් කියා දූවරුම සිටින සියලු පියවරුන්ට සෙනෙහසේ තිලිණයකි.

ජීවිතේ කෙදිනකවත් අත්නොහරින, අත්නොහැරෙන නොබිඳෙන බැඳීම් ඇති එකම තැන පවුලයි. දාහක් හේතු මැද වුව
නොසෙල්වී ඉන්නට තරම් සවිය දෙන සෙනෙහසේ උල්පත එයයි. දුක් සුසුම් වියැකෙන්නට, හිනැහෙන්නට හේතු දුන්
ආදරේ පවුර එයයි. එවන් පවුලකට දූවරුන් කියන්නේ තවත් ආලෝකයක් එක් කරන සඳ මඬලක් වැනිය. “දූවරුම තුන් දෙනෙක්” ගීතය එලෙස දූවරුන් පමණක් සිටින පවුලක පියෙකුගේ සුන්දර අත්දැකීම් සහ හැඟීම් පිළිබඳව ගැයෙන සොඳුරු නිර්මාණයකි. මෙම ගීතය දිනූෂා විජේරත්නගේ ගී පද රචනයෙන් සහ ලසන්ත අබේපාලගේ තනු නිර්මාණය සහ සංගීතය මුසු වී ඔහුගේම හඬින් ගැයෙන ගීයකි. “දූවරුම තුන් දෙනෙක්”, පවුලක වාසනා මහියමයට ගී තිලිණයකි.

“සඳ මෝරා නැගෙන්නට ගියා දස මාසයක් කුළුඳුලේ මගේ මැණික ගෙනාවේ සුදු දුවෙක් පරපුරේ උරුමයට හිටියේ නැහැ මට පුතෙක් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙක්”

දසමාසයක් ගොස් අවසන මගේ චන්ද්‍ර මණ්ඩලයේ සඳ නැඟී මගේ මුළු ලොවම එළිය කළේය. මෙලෙස “දුවෙකුගේ ඉපදීම” රූපකාර්ථයෙන් දක්වා තිබීම ඉතාමත් අපූර්වය. “කුළුඳුලේ මගෙ මැණික ගෙනාවේ සුදු දුවෙක්” යනුවෙන් “මගෙ මැණික” තුළින් තම බිරිඳට දක්වන අපිරිමිත සෙනෙහස ද ඉස්මතු වේ. සුමුදු සුසිනිඳු රෙදිකඩක ඔතාගෙන සුදුම සුදු දූ සිඟිත්තක් කුළුඳුලේ අපේ පවුලට පැමිණියේ මගේ මුළු ජීවිතයම එළිය කරමිනි. කවුරුත් කියන ලෙසට පරපුරේ උරුමය ඉදිරියට ගෙන යන්නට කියා මට පුතෙක් නොසිටියත් මගේ පවුල හැඩ කළේ දූවරුම තුන් දෙනෙකි. මගේ පවුලේ වාසනාව ඔවුන්ය. තුන් සඳක් පෑයු චන්ද්‍ර මණ්ඩලයක් මට දැන් හිමිය.

“ගෙදර සිරියාවනම් ලොකු දුවේ නුඹ තමයි මද්දුමි හරි දඟයි කටකාරකම් ගොඩයි
පොඩි දුවේ නුඹ මගේ වාසනා මහිමයයි පුතෙක් නැති අඩුව මට නොදැනුනා සත්තමයි”

ලොකු දුවෙක් කියන්නෙම පවුලේ සිරියාව රැගෙන ආ මගේ කුළුදුල් තාරකාවියයි. “මද්දුමි” එසේ නැතහොත් පවුලේ දෙවෙනි දියණියගේ නම් හුරතලය උතුරා යන දඟකාරකම් එමටය. පොඩි දුව, නුඹ අප්පචිගේ වාසනා මහිමයයි. ඇත්තමයි නුඹලාගේ දඟකාරකම්, හැඩකාරකම්, කෙළිකවටකම් දකිමින් වින්දා මිස මට පුතෙක් නොමැති අඩුවක් කෙදිනකවත් දැනුනේ නැත. පුතෙක් මෙන් මගේ ශක්තිය ද දුවෙක් මෙන් මගේ සිරියාව ද නුඹලාය.

“මල් පිපෙන මුත් ගසට මල් අයිති නෑ තමයි කැදලි හැර සියොතුන් ඉගිලයනවා හැබැයි රළ නැඟෙන තෙක් වෙරළ නිසසලව මඟ බලයි
තුන් මංසලේ ඉන්න අප්පච්චි මං තමයි”

ගස් සෙවණේ හැදී මල් පිපෙන බව නම් ඇත්තයි. නමුත් ගසට හැමදාටමත් ඒ මල් ළඟ තියා ගත නොහැකිය. එසේම කිරිල්ලියක් නම් ඇය කෙදිනක හෝ කැදැල්ලෙන් ඉගිල යා යුතුව ඇත. කිරිල්ලියන් ඇති දැඩි කර තටු හයිය කර ඔවුනට මේ ජීවිතය නමැති විසල් අහසේ නිදහසේ ඉගිල යන්නට ඉඩ සදා දිය යුතුය. දුවෙක් නම් කවදා හෝ විවාහයෙන් පසු තම පවුලෙන් වෙන් වී ස්වාමියාගේ පවුලට සම්බන්ධ වී යා යුතුව ඇත. එම වෙන්වීම මෙලෙස අපූර්ව උපමා සහ රූපලාර්ථයෙන් දක්වා තිබීම පද රචනයේ සොඳුරු ඉසව්ය. තමන්ගේ පවුලෙන් දුවෙකු වෙන්ව යාම පියෙකුගේ හදවතට කෙතරම් නම් වේදනාබර හැඟීමක්ද යන වග දූවරුන් සිටිනා පියවරුන්ගෙන් ඇසුවහොත් ඔවුන්ගේ වචන වලටත් කලින් කඳුළු ඉස්සර වනවා නිසැකය. එය එතරම්ම හදවතට බර කාරණාවකි. කෙසේ නමුත් රළ නැඟෙන තෙක් මේ වෙරළ නිහඬවම මඟ බලාගෙන හිඳියි යනුවෙන් නුඹලා ජීවිතේ ඉහළටම නැඟෙන තුරු වෙරළක් සේ අප්පච්චි නිහඬවම මඟ බලා හිඳින බව අපූර්ව ලෙස අර්ථවත් කර ඇත. ඉතින්, මගේ දූවරුනි, නුඹ මගේ ලෝකයයි. නිහඬ නිසසල සෙනෙහසත් තුරුලු කර නුඹ තිදෙනා යනෙන මේ තුන් මංසලේ ඉන්න අප්පච්චි මම තමයි! මෙහි දූවරුන් තිදෙනා යන මඟ ” තුන් මංසල” යනුවෙන් අර්ථ ගන්වා තිබෙන අයුරු ඉතාමත් අගනේය.

කිසිදිනෙක පියවරුන්ගේ වචන නොකළ සෙනෙහස සහ ඔහු තුළ දුවෙකුට ඇති බැඳීමේ මහිමය “දූවරුම තුන් දෙනෙක්” ගීතයෙන් ඉතාමත් සියුම්ව ගැයෙයි. ලසන්ත අබේපාලයන්ගේ හඬින් ඒ දාරක ස්නේහයේ හැඟීම් වඩාත් සුන්දර අයුරින් ඉස්මතු කරමින් පියෙකුගේ හඬ සහ ඔහුගේ සිතුවිලි ඒ තුළින් සහෘද හදවතට දැනෙන්නට සලස්වා ඇත. ඉතින්, තාත්තාට දුවෙක් කියන්නේ ඔහුගේ හදවතේ චන්ද්‍රාලෝකය ය. දුවෙකුගේ වීරයා ඇගේ තාත්තාය! දූවරුන් සිටින සියලු පියවරුන්ට සහ පියෙකුගේ ඒ ගැඹුරු සෙනෙහස විඳින දූවරුන්ට ද මෙම ගීය වටිනා තිලිණයක් වනු ඇත!

-නවෝද්‍යා ධනංජනී-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top