සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා මල් කැකුළකට නෑකම් ඇති තුඩග තියා ලස්සන කිරිලියක් වන ලැහැබකට ගියා දිටියෙමි ඇති කූඩුව කොතැනකද කියා නොපෙනෙන පරිදි මිනිසෙකුගේ පියවි ඇස ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස ඇය බැඳි කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස වැටහෙයි මටත් ගත හැකිනම් කුරුලු වෙස අමු කොළවලට පාටින් ඉවතට නොයන දිය පෙඳපාසි බිතු රස නයනකි අඳුන මායා සිහිනයක හැඩහුරුකම කියන පියකරු කැකුළු මල් පොකුරකි දොර පියන හිරිකඩ වැහි සුළං හිරු රැස් වැදලි සැඩ ලංවිය නොදෙන සේ නිල් අතු රිකිලි උඩ කොපමණ පියකරුද මේ ගෙය බැඳුණු හැඩ මෙබඳුම ගෙයක් උදෙසා මම සොයමි ඉඩ ඔවුනට සොබා දහමෙහි තිළිණයට ඇදී ඒ ගැන සියුම් නුවණක් පිරිනැමෙන ලදී වන දෙව්ලොවේ පඳුරක අතු අතර බැදී හුරතල් කැදැල්ලක නිදහස් රසය විඳි උරුමය අනුව ඔවුනට මහ පොළොව මත හැම සැප පහසුවම නොඅඩුව ලැබෙනු ඇත එය තව එකෙකු උදුරන්නට දරන තැත මෙහි කිසි තැනක කිසිවක් හට පුරුදු නැත මිණි කිකිණියක හඬ දැවටෙන අතර කනේ දොර ළඟ කුරුලු පැටවකු මුර තබනු පෙනේ නොපෙනෙන වෙසක් ගෙන එන්නට කැදැලි කොනේ මට ඒක පැයක උණුසුම දිය හැකිද අනේ ගොදුරක් සොයාගෙන පවුලක බර දන්නා පිය මහ කුරුල්ලා ඉඟිලී දිව එන්නා පෙරමග ගමන් ගොස් සිය හිමි පිළිගන්නා හුරතල් කිරිල්ලිය සංගීතය දුන්නා එච්.එම්. කුඩලිගම කුරුළු කූඩුව | එච්.එම්. කුඩලිගම

කුරුළු කූඩුව | එච්.එම්. කුඩලිගම

සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා
මල් කැකුළකට නෑකම් ඇති තුඩග තියා
ලස්සන කිරිලියක් වන ලැහැබකට ගියා
දිටියෙමි ඇති කූඩුව කොතැනකද කියා

නොපෙනෙන පරිදි මිනිසෙකුගේ පියවි ඇස
ලැහැබෙහි කුඩා පඳුරක අතු රිකිලි හිස
ඇය බැඳි කැදැල්ලෙහි සැඟවුණු මිහිරි රස
වැටහෙයි මටත් ගත හැකිනම් කුරුලු වෙස

අමු කොළවලට පාටින් ඉවතට නොයන
දිය පෙඳපාසි බිතු රස නයනකි අඳුන
මායා සිහිනයක හැඩහුරුකම කියන
පියකරු කැකුළු මල් පොකුරකි දොර පියන

හිරිකඩ වැහි සුළං හිරු රැස් වැදලි සැඩ
ලංවිය නොදෙන සේ නිල් අතු රිකිලි උඩ
කොපමණ පියකරුද මේ ගෙය බැඳුණු හැඩ
මෙබඳුම ගෙයක් උදෙසා මම සොයමි ඉඩ

ඔවුනට සොබා දහමෙහි තිළිණයට ඇදී
ඒ ගැන සියුම් නුවණක් පිරිනැමෙන ලදී
වන දෙව්ලොවේ පඳුරක අතු අතර බැදී
හුරතල් කැදැල්ලක නිදහස් රසය විඳි

උරුමය අනුව ඔවුනට මහ පොළොව මත
හැම සැප පහසුවම නොඅඩුව ලැබෙනු ඇත
එය තව එකෙකු උදුරන්නට දරන තැත
මෙහි කිසි තැනක කිසිවක් හට පුරුදු නැත

මිණි කිකිණියක හඬ දැවටෙන අතර කනේ
දොර ළඟ කුරුලු පැටවකු මුර තබනු පෙනේ
නොපෙනෙන වෙසක් ගෙන එන්නට කැදැලි කොනේ
මට ඒක පැයක උණුසුම දිය හැකිද අනේ

ගොදුරක් සොයාගෙන පවුලක බර දන්නා
පිය මහ කුරුල්ලා ඉඟිලී දිව එන්නා
පෙරමග ගමන් ගොස් සිය හිමි පිළිගන්නා
හුරතල් කිරිල්ලිය සංගීතය දුන්නා

 

එච්.එම්. කුඩලිගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top