ජිමුත් ඉඳුසර රත්නායක 21 වැනි සියවසේ හොඳම චිත්‍රපටය පිළිබඳ නැවත හැරී බැලීමක් ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21 වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100 ය නම් නම් කරලා තිබුණා. ඇතැම් චිත්‍රපට සහ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ විශිෂ්ට සිනමා කෘති මග හැරලා සකස් වුණු මේ ලැයිස්තුව ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නැති වුණත් ඒ ලැයිස්තුවේ තිබුණු සමහර චිත්‍රපට ඇත්ත වශයෙන් ම හොඳ චිත්‍රපට විදිහට කිසිම විවාදයක් නැතිව සලකන්න පුළුවන් විදිහෙ චිත්‍රපට විදිහටයි මම දකින්නෙ. ඒ චිත්‍රපට 100 අතරින් පළමු ස්ථානය හිමිවෙලා තිබුණෙ සුප්‍රසිද්ධ දකුණු කොරියානු අධ්‍යක්ෂ Bong Joon Ho ගේ Parasite චිත්‍රපටයට. Parasite කියන්නෙ මම පෞද්ගලිකව ඉතාම කැමති චිත්‍රපටයක්. නිව්යෝක් ටයිමිස් කියන විදිහට 21 වන සියවසේ හොඳම චිත්‍රපටය Parasite කියනවාට එකඟ නැති වුණත් Parasite ඇතුළෙ දකින්න පුළුවන් සිනමාත්මක හා කතා සන්දර්භ ම ය මායාව මග හැරලා අපට ගමන් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ. විශේෂයෙන් ලංකාවේ සිනමාකරුවන් අමතක කරන කතා කීමේ කලාව (Storytelling) Bong Joon Ho ගේ සිනමාව ඇතුළෙ ඔහු ස්ථානගත කරන ආකාරයත්, වඩාත් විශාල හා විවිධ මට්ටමේ ගෝලීය ප්‍රේක්ෂකාගාරයක් වෙත චිත්‍රපටය සන්නිවේදනය කිරීමේ දී ඔහුගේ චිත්‍රපට භාෂාව දක්වන චමත්කාරයත් අපි ග්‍රහණය කර ගත යුතු බවයි මගේ අදහස. චිත්‍රපටය මූලික වශයෙන් සකස් වෙන්නෙ අතිශය ධනවත් සහ අතිශය දුගී පවුල් ද්විත්වයක ක්‍රියාකාරකම් සහ ඒ පවුල් එකිනෙකට සම්බන්ධ වන ආකාරයත් එක්ක. මේ චිත්‍රපටයේ නම වන Parasite හි සිංහල තේරුම වන “පරපෝෂිතයා” කවු ද ? සාමාන්‍යයෙන් සමාජවාදීන්ට අනුව ධනවාදී සමාජක්‍රමයක් තුළ නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකෑමට ලක්කරමින් උසස් ජීවන තත්ත්වයක් ගත කරන පරපෝෂිතයා බවට පත් වන්නේ ධනපති පන්තිය. නමුත් මේ චිත්‍රපටයේ කතා සාරය සහමුලින් ම ඊට ප්‍රතිපක්ෂව දුප්පත් නිර්ධන පවුල විසින් ධනපති පවුල සූරා කන පරපෝෂිතයන් පවට පත්වන ආකාරය අපට දැකගත හැකියි. එහි අර්ථය ධනපති පවුල විසින් දුප්පත් පවුල සූරා කන්නේ නැහැ කියන එක නෙවෙයි. ඔවුනුත් පරපෝෂිතයන් බවට පත් වනවා. මේ නිසා කවුද මේ පරපෝෂිතයන් කියන ගැටලුව චිත්‍රපටය තුළ විසඳගන්න අපට හැකි වන්නේ නැහැ. මෙහි සියල්ලන්ම පරපෝෂිතයන් බවට පත් වනවා. මේ පවුල් දෙකට අමතර තවත් පවුලක් මේ චිත්‍රපටයේ මැද දී එක් වන විදිහ අපට දැකගන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ඉරණමත් අර ඉරණමෙන් වෙනස් වන්නේ නැහැ. ඔවුනුත් පරපෝෂිතයන් ලෙස හා සූරාකෑමට ලක්වන අයවලුන් ලෙස චිත්‍රපටය තුළ ස්ථානගත වෙන විදිහ අපට දැකබලාගන්න පුළුවන්. Parasite චිත්‍රපටය තුළ අපට දකින්න ලැබෙන කතා කීමේ කලාව ඒ තරම් ගැඹුරු හෝ අති සංකීර්ණව ගොඩනැගෙන්නේ නැහැ. Bong Joon Ho සාමාන්‍යයෙන් භාවිතා කරන ළමයින්ට කතා කීමට භාවිතා කරන සංයමයෙන් යුතු සරල කතා රාමුවක තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ. චිත්‍රපටය පටන්ගැනීමේ සිට අවසානය දක්වා ම විහිදෙන මේ සරල Storytelling ආකෘතිය සහ යොදාගනු ලබන වර්ණ සංකලනය ඇසට ප්‍රිය උපදවන ආකාරයෙන් නිර්මාණය වී තිබීම සිනමාපටය වෙත ප්‍රේක්ෂකයා අලවා තබාගන්න සමත් වෙනවා. මම හිතන්නෙ ගෝලීය වශයෙන් නිර්මාණය වෙ. ප්‍රේක්ෂකාගාරය රඳවා තබා ගැනීම සහ සිනමාව මඟින් හෙළි කරන යථාර්ථයේ ගැඹුර කියන ගුණාංග දෙකම නිර්මාණයක රැඳවෙන දුර්ලභ අවස්ථාවක් විදිහට මේ සිනමාපටය අපිට දැකගන්න පුළුවන්‍. ඒකට ප්‍රධානතම හේතුව පෙර දී මම සඳහන් කළ කතා කීමේ කලාවේ සරල හා ගතික බව කියලයි මම විශ්වාස කරන්නෙ. මේ චිත්‍රපටයේ අනෙක් වැදගත් ම ලක්ෂණයක් තමයි, මේ චිත්‍රපටය බොහොම සමාන්තරව හා ස්වාභාවික ලෙස comedy, mystery, thriller, murder කියන ශානර ගණනාවක් ඔස්සේ ගමන් කරන එක. ඒක මේ සිනමා භාෂාව ඇතුළෙ ඉතා ම ස්වභාවිකව ඒ කියන්නෙ ඇඟට පතට නොදැනී සිදුවීම මත ම තමයි මේ සිනමාපටයේ සිනමා චමත්කාරය ගොඩනැංවෙන්නෙත්. Bong Joon Ho අවධානය යොමු කරන්නේ දකුණු කොරියානු සමාජයේ පවතින පන්ති වෙනස හරහා මතුවන සමාජ ඛේදවාචකයට. නමුත් ඔහු ඒ සමාජ ඛේදවාචකය ඉදිරිපත් කරන්නෙ අඳුරු ප්‍රහසනයක් විදිහට. මේ අඳුරු ප්‍රහසනය එහෙමත් නැත්නම් Black comedy එක ඇතුළෙ පවතින්න Bong Joon Ho යෝජනා කරන ගමන්ම සංකේතීමය විදිහට සිනමාපටය පුරා ම මෙම පන්ති බෙදීමේ අවුල ගැන අපට ඉඟි සපයනවා. විශේෂයෙන් ධනවත් පවුල වඩාත් ආලෝකමත් සන්දර්භයක දැක්වීමත් දුප්පත් පවුල අඳුරු සන්දර්භයක දැක්වීමත් මේ විදිහෙ සංකේතාත්මක භාවිතයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ සිනමා පටයේ ඉතාම සංකේතීමය භාවිතය තමයි මේ සඳහා භාවිතා කරන ගෘහ නිර්මාණ. සිනමාපටයේ පඩිපෙල් හා නිවස සකස් කරලා තියෙන්නෙ අතිශය සංකේතාත්මක අදහසක් කුළුගැන්වෙන විදිහට. උදාහරණයක් විදිහට මේ සිනමාපටයේ අපට දැකගන්න පුළුවන් වර්ෂා අවස්ථාවක්. ඒකෙදි සිද්ධවෙනවා. වේගවත් පඩිපෙල බැසීමක්. මේ පඩිපෙල බැසීම හරහා සමාජ පන්ති වෙනස ඉතා ම දක්ෂ හා පැහැදිලි ලෙස වෙන් කරලා පෙන්වන විදිහ අපිට දැකගන්න පුළුවන්. ඒත් එක්කම ඒ වර්ෂාව සමාජ පන්ති දෙක සඳහා කරන බලපෑමත්, ඒ වර්ෂාවේ දී ඔවුන්ගේ හැසිරීමත් බෙදීම සම්බන්ධ කතිකාව ඉතාම පුළුල් විදිහට අපට පෙන්වන්න සමර්ථ වනවා. මෙම චිත්‍රපටයේ සමාජ පන්ති අතර ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින ස්ථාවරය හා ඔවුන් ලිංගිකත්වය නම් පොදු කරුණ තුළ හැසිරෙන සීමාව පිළිබඳවත් අපට බොහොම සූක්ෂම විදිහට ඉදිරිපත් කරන්න Bong Joon Ho සමත් වනවා. මේ චිත්‍රපටය ඇතුළෙ නිර්මාණය වෙලා තියෙන හැම දෙයක් ම හැම දෙබසක් ම ඉතා ම අරපරිස්සමෙන් අවසානය දක්වා කතාව සමඟ බද්ධ කරන විදිහ විශිෂ්ට සිනමා තිර රචනයක අවශ්‍යතාවය සිනමා නිර්මාණයක සාර්ථකත්වය සඳහා කොතරම් දුරට බලපානවා ද කියන කාරණය අපට කුළුගන්වනවා. සෑම චරිතයක්ම, සෑම සිදුවීමක් ම අවසාන ප්‍රතිඵලය හා ඒකාත්මික වන සරල ගලායෑමකට ලඝු කරන ලද අතිශය සංකීර්ණ කතා පුවතක් රැගත් Parasite චිත්‍රපටය රංගනය, සංගීතය ඇතුළු අනෙකුත් අංක වගේ ම සිනමාකරණය ද තමන්ගේ කතාව හා අති දක්ෂ ලෙස ගොනුගත කරන ආකාරය පුදුමය උපදවන සුළුයි. ඒ පුදුමය ම Parasite මේ තරම් සම්මානිත හා ජන ආකර්ෂණීය මාවතක ගෙන එන්නට ඇති බවයි මගේ විශ්වාසය. ශ්‍රී ලංකාවේ සමාජය තුළ පවතින ප්‍රහසනය මීට වඩා දරුණු හා රළු මාවතකයි ගමන් කරන්නෙ. හැබැයි ඒක සිනමාව වෙත පැමිණෙන්නෙ ඉතා ම අඩුවෙන්. ඊටත් වඩා අපි විශ්වාස කරන්නෙ සාර්ථක නිර්මාණයක පැවතිය යුත්තේ සංකීර්ණ කතාවක් එක්ක මිශ්‍රිත අවර්ණ හා දුර්වර්ණ වර්ණ සංකලනයක් කියන සාම්ප්‍රදායික මතය. නමුත් ලෝක සිනමාව වර්තමානය වන විට ඊට වඩා වෙනත් මාවතකට එළැඹ තියෙන ආකාරය අපිට දැකගන්න පුළුවන්. විශේෂයෙන් ම ඇමෙරිකාව මුල් කරගත් ආධිපත්‍යය බිඳ වට්ටම මෙවැනි නිර්මාණ ලෝකය විසින් වැළඳ ගැනීමත්, සෑම සමාජයක ම පොදුවේ දක්නට ලැබෙන යථාර්ථය තමන්ගේ හැඩයකට ගොනු කිරීමේ නිර්මාණාත්මක දක්ෂතාවත් සහිත ලෝක සිනමාවක් අපට මෑත කාලීන ලෝක සිනමාව අධ්‍යයනයේ දී දැක ගන්න පුළුවන් වනවා.

21 වැනි සියවසේ හොඳම චිත්‍රපටය පිළිබඳ නැවත හැරී බැලීමක්

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21 වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100 ය නම් නම් කරලා තිබුණා. ඇතැම් චිත්‍රපට සහ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ විශිෂ්ට සිනමා කෘති මග හැරලා සකස් වුණු මේ ලැයිස්තුව ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් තිබුණෙ නැති වුණත් ඒ ලැයිස්තුවේ තිබුණු සමහර චිත්‍රපට ඇත්ත වශයෙන් ම හොඳ චිත්‍රපට විදිහට කිසිම විවාදයක් නැතිව සලකන්න පුළුවන් විදිහෙ චිත්‍රපට විදිහටයි මම දකින්නෙ.

ඒ චිත්‍රපට 100 අතරින් පළමු ස්ථානය හිමිවෙලා තිබුණෙ සුප්‍රසිද්ධ දකුණු කොරියානු අධ්‍යක්ෂ Bong Joon Ho ගේ Parasite චිත්‍රපටයට. Parasite කියන්නෙ මම පෞද්ගලිකව ඉතාම කැමති චිත්‍රපටයක්. නිව්යෝක් ටයිමිස් කියන විදිහට 21 වන සියවසේ හොඳම චිත්‍රපටය Parasite කියනවාට එකඟ නැති වුණත් Parasite ඇතුළෙ දකින්න පුළුවන් සිනමාත්මක හා කතා සන්දර්භ ම ය මායාව මග හැරලා අපට ගමන් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ. විශේෂයෙන් ලංකාවේ සිනමාකරුවන් අමතක කරන කතා කීමේ කලාව (Storytelling) Bong Joon Ho ගේ සිනමාව ඇතුළෙ ඔහු ස්ථානගත කරන ආකාරයත්, වඩාත් විශාල හා විවිධ මට්ටමේ ගෝලීය ප්‍රේක්ෂකාගාරයක් වෙත චිත්‍රපටය සන්නිවේදනය කිරීමේ දී ඔහුගේ චිත්‍රපට භාෂාව දක්වන චමත්කාරයත් අපි ග්‍රහණය කර ගත යුතු බවයි මගේ අදහස.

චිත්‍රපටය මූලික වශයෙන් සකස් වෙන්නෙ අතිශය ධනවත් සහ අතිශය දුගී පවුල් ද්විත්වයක ක්‍රියාකාරකම් සහ ඒ පවුල් එකිනෙකට සම්බන්ධ වන ආකාරයත් එක්ක. මේ චිත්‍රපටයේ නම වන Parasite හි සිංහල තේරුම වන “පරපෝෂිතයා” කවු ද ? සාමාන්‍යයෙන් සමාජවාදීන්ට අනුව ධනවාදී සමාජක්‍රමයක් තුළ නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකෑමට ලක්කරමින් උසස් ජීවන තත්ත්වයක් ගත කරන පරපෝෂිතයා බවට පත් වන්නේ ධනපති පන්තිය. නමුත් මේ චිත්‍රපටයේ කතා සාරය සහමුලින් ම ඊට ප්‍රතිපක්ෂව දුප්පත් නිර්ධන පවුල විසින් ධනපති පවුල සූරා කන පරපෝෂිතයන් පවට පත්වන ආකාරය අපට දැකගත හැකියි. එහි අර්ථය ධනපති පවුල විසින් දුප්පත් පවුල සූරා කන්නේ නැහැ කියන එක නෙවෙයි. ඔවුනුත් පරපෝෂිතයන් බවට පත් වනවා. මේ නිසා කවුද මේ පරපෝෂිතයන් කියන ගැටලුව චිත්‍රපටය තුළ විසඳගන්න අපට හැකි වන්නේ නැහැ. මෙහි සියල්ලන්ම පරපෝෂිතයන් බවට පත් වනවා.

මේ පවුල් දෙකට අමතර තවත් පවුලක් මේ චිත්‍රපටයේ මැද දී එක් වන විදිහ අපට දැකගන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ඉරණමත් අර ඉරණමෙන් වෙනස් වන්නේ නැහැ. ඔවුනුත් පරපෝෂිතයන් ලෙස හා සූරාකෑමට ලක්වන අයවලුන් ලෙස චිත්‍රපටය තුළ ස්ථානගත වෙන විදිහ අපට දැකබලාගන්න පුළුවන්.

Parasite චිත්‍රපටය තුළ අපට දකින්න ලැබෙන කතා කීමේ කලාව ඒ තරම් ගැඹුරු හෝ අති සංකීර්ණව ගොඩනැගෙන්නේ නැහැ. Bong Joon Ho සාමාන්‍යයෙන් භාවිතා කරන ළමයින්ට කතා කීමට භාවිතා කරන සංයමයෙන් යුතු සරල කතා රාමුවක තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ. චිත්‍රපටය පටන්ගැනීමේ සිට අවසානය දක්වා ම විහිදෙන මේ සරල Storytelling ආකෘතිය සහ යොදාගනු ලබන වර්ණ සංකලනය ඇසට ප්‍රිය උපදවන ආකාරයෙන් නිර්මාණය වී තිබීම සිනමාපටය වෙත ප්‍රේක්ෂකයා අලවා තබාගන්න සමත් වෙනවා. මම හිතන්නෙ ගෝලීය වශයෙන් නිර්මාණය වෙ. ප්‍රේක්ෂකාගාරය රඳවා තබා ගැනීම සහ සිනමාව මඟින් හෙළි කරන යථාර්ථයේ ගැඹුර කියන ගුණාංග දෙකම නිර්මාණයක රැඳවෙන දුර්ලභ අවස්ථාවක් විදිහට මේ සිනමාපටය අපිට දැකගන්න පුළුවන්‍. ඒකට ප්‍රධානතම හේතුව පෙර දී මම සඳහන් කළ කතා කීමේ කලාවේ සරල හා ගතික බව කියලයි මම විශ්වාස කරන්නෙ.

මේ චිත්‍රපටයේ අනෙක් වැදගත් ම ලක්ෂණයක් තමයි, මේ චිත්‍රපටය බොහොම සමාන්තරව හා ස්වාභාවික ලෙස comedy, mystery, thriller, murder කියන ශානර ගණනාවක් ඔස්සේ ගමන් කරන එක. ඒක මේ සිනමා භාෂාව ඇතුළෙ ඉතා ම ස්වභාවිකව ඒ කියන්නෙ ඇඟට පතට නොදැනී සිදුවීම මත ම තමයි මේ සිනමාපටයේ සිනමා චමත්කාරය ගොඩනැංවෙන්නෙත්.

Bong Joon Ho අවධානය යොමු කරන්නේ දකුණු කොරියානු සමාජයේ පවතින පන්ති වෙනස හරහා මතුවන සමාජ ඛේදවාචකයට. නමුත් ඔහු ඒ සමාජ ඛේදවාචකය ඉදිරිපත් කරන්නෙ අඳුරු ප්‍රහසනයක් විදිහට. මේ අඳුරු ප්‍රහසනය එහෙමත් නැත්නම් Black comedy එක ඇතුළෙ පවතින්න Bong Joon Ho යෝජනා කරන ගමන්ම සංකේතීමය විදිහට සිනමාපටය පුරා ම මෙම පන්ති බෙදීමේ අවුල ගැන අපට ඉඟි සපයනවා. විශේෂයෙන් ධනවත් පවුල වඩාත් ආලෝකමත් සන්දර්භයක දැක්වීමත් දුප්පත් පවුල අඳුරු සන්දර්භයක දැක්වීමත් මේ විදිහෙ සංකේතාත්මක භාවිතයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්.

මේ සිනමා පටයේ ඉතාම සංකේතීමය භාවිතය තමයි මේ සඳහා භාවිතා කරන ගෘහ නිර්මාණ. සිනමාපටයේ පඩිපෙල් හා නිවස සකස් කරලා තියෙන්නෙ අතිශය සංකේතාත්මක අදහසක් කුළුගැන්වෙන විදිහට. උදාහරණයක් විදිහට මේ සිනමාපටයේ අපට දැකගන්න පුළුවන් වර්ෂා අවස්ථාවක්. ඒකෙදි සිද්ධවෙනවා. වේගවත් පඩිපෙල බැසීමක්. මේ පඩිපෙල බැසීම හරහා සමාජ පන්ති වෙනස ඉතා ම දක්ෂ හා පැහැදිලි ලෙස වෙන් කරලා පෙන්වන විදිහ අපිට දැකගන්න පුළුවන්. ඒත් එක්කම ඒ වර්ෂාව සමාජ පන්ති දෙක සඳහා කරන බලපෑමත්, ඒ වර්ෂාවේ දී ඔවුන්ගේ හැසිරීමත් බෙදීම සම්බන්ධ කතිකාව ඉතාම පුළුල් විදිහට අපට පෙන්වන්න සමර්ථ වනවා.

මෙම චිත්‍රපටයේ සමාජ පන්ති අතර ලිංගිකත්වය සම්බන්ධයෙන් පවතින ස්ථාවරය හා ඔවුන් ලිංගිකත්වය නම් පොදු කරුණ තුළ හැසිරෙන සීමාව පිළිබඳවත් අපට බොහොම සූක්ෂම විදිහට ඉදිරිපත් කරන්න Bong Joon Ho සමත් වනවා. මේ චිත්‍රපටය ඇතුළෙ නිර්මාණය වෙලා තියෙන හැම දෙයක් ම හැම දෙබසක් ම ඉතා ම අරපරිස්සමෙන් අවසානය දක්වා කතාව සමඟ බද්ධ කරන විදිහ විශිෂ්ට සිනමා තිර රචනයක අවශ්‍යතාවය සිනමා නිර්මාණයක සාර්ථකත්වය සඳහා කොතරම් දුරට බලපානවා ද කියන කාරණය අපට කුළුගන්වනවා.

සෑම චරිතයක්ම, සෑම සිදුවීමක් ම අවසාන ප්‍රතිඵලය හා ඒකාත්මික වන සරල ගලායෑමකට ලඝු කරන ලද අතිශය සංකීර්ණ කතා පුවතක් රැගත් Parasite චිත්‍රපටය රංගනය, සංගීතය ඇතුළු අනෙකුත් අංක වගේ ම සිනමාකරණය ද තමන්ගේ කතාව හා අති දක්ෂ ලෙස ගොනුගත කරන ආකාරය පුදුමය උපදවන සුළුයි. ඒ පුදුමය ම Parasite මේ තරම් සම්මානිත හා ජන ආකර්ෂණීය මාවතක ගෙන එන්නට ඇති බවයි මගේ විශ්වාසය.

ශ්‍රී ලංකාවේ සමාජය තුළ පවතින ප්‍රහසනය මීට වඩා දරුණු හා රළු මාවතකයි ගමන් කරන්නෙ. හැබැයි ඒක සිනමාව වෙත පැමිණෙන්නෙ ඉතා ම අඩුවෙන්. ඊටත් වඩා අපි විශ්වාස කරන්නෙ සාර්ථක නිර්මාණයක පැවතිය යුත්තේ සංකීර්ණ කතාවක් එක්ක මිශ්‍රිත අවර්ණ හා දුර්වර්ණ වර්ණ සංකලනයක් කියන සාම්ප්‍රදායික මතය. නමුත් ලෝක සිනමාව වර්තමානය වන විට ඊට වඩා වෙනත් මාවතකට එළැඹ තියෙන ආකාරය අපිට දැකගන්න පුළුවන්. විශේෂයෙන් ම ඇමෙරිකාව මුල් කරගත් ආධිපත්‍යය බිඳ වට්ටම මෙවැනි නිර්මාණ ලෝකය විසින් වැළඳ ගැනීමත්, සෑම සමාජයක ම පොදුවේ දක්නට ලැබෙන යථාර්ථය තමන්ගේ හැඩයකට ගොනු කිරීමේ නිර්මාණාත්මක දක්ෂතාවත් සහිත ලෝක සිනමාවක් අපට මෑත කාලීන ලෝක සිනමාව අධ්‍යයනයේ දී දැක ගන්න පුළුවන් වනවා.

ජිමුත් ඉඳුසර රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top