වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි කොයින්ද ආවෙ ඔයි මූනට උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද කවියන් කොයිතරම් පෙන්නුවත් රෝසපාට විලුඹක් දැක්කෙත් ඔබගෙන් පන්තියේදිත් - මහ සෙනඟ අස්සෙදිත් එකවගෙම හිකි හිකි හිනාව මහ හයියෙන්ම දොඩමලු වෙන්නෙත් මුළු මූනෙන්ම අහන්නට හිතෙයි වෙලාවක හදවතම දිගහැර එලුවෙ කොහොමදැයි මූන උඩ ඔය ගානක් නැතුවම චුයිංගම් හප හප ගල් බැම්මේ මගේ ලඟින් වාඩිගෙන මහ බරක් තියයි ඔබ මගේ ඔලු උඩ ඩෙනිමෙන් මතු උන කලව මත ලැප් ටොප් එකක් තියාගෙන ඇඟිලි තුඩගින් නතු කරගන්න හැටි මුලු ලෝකෙ ම හරි පුදුමෙ වෙලාවකට ඇවිත් අපෙ පන්තියට ඉඳගන්න එක ඔබ මගේ පේලියෙම වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි රෑ පුරා මට ඇහෙයි ඔබ ඉංග්‍රීසියෙන් හිනාවෙන හැටි මහ පුදුමෙ මටම ම ඔබ ගැන පෙමක් ඇතිවෙන්නෙ නැති හැටි මං පුංචි කොල්ලෙක් තාම ලව් කරන හැටිවත් දන්නෙ නැති - දමිත් උදයංග දහනායක | තෙමි තෙමි ම මම -

වචනමත් නෙවෙයි ශැල්වින් ඔබෙ කටහඬයි ඉංග්‍රීසි | දමිත් උදයංග දහනායක

වචනමත් නෙවෙයි ශැල්වින්
ඔබෙ කටහඬයි ඉංග්‍රීසි

කොයින්ද ආවෙ ඔයි මූනට
උවමක් හිතෙන්නෙම නැති අමුතු සුද
කවියන් කොයිතරම් පෙන්නුවත්
රෝසපාට විලුඹක්
දැක්කෙත් ඔබගෙන්

පන්තියේදිත් – මහ සෙනඟ අස්සෙදිත්
එකවගෙම
හිකි හිකි හිනාව මහ හයියෙන්ම
දොඩමලු වෙන්නෙත්
මුළු මූනෙන්ම

අහන්නට හිතෙයි වෙලාවක
හදවතම දිගහැර
එලුවෙ කොහොමදැයි මූන උඩ ඔය

ගානක් නැතුවම චුයිංගම් හප හප
ගල් බැම්මේ
මගේ ලඟින් වාඩිගෙන
මහ බරක් තියයි ඔබ මගේ ඔලු උඩ

ඩෙනිමෙන් මතු උන කලව මත
ලැප් ටොප් එකක් තියාගෙන
ඇඟිලි තුඩගින් නතු කරගන්න හැටි මුලු ලෝකෙ ම

හරි පුදුමෙ වෙලාවකට
ඇවිත් අපෙ පන්තියට
ඉඳගන්න එක ඔබ මගේ පේලියෙම

වචනමත් නෙවෙයි ශැල්වින්
ඔබෙ කටහඬයි ඉංග්‍රීසි
රෑ පුරා මට ඇහෙයි
ඔබ ඉංග්‍රීසියෙන් හිනාවෙන හැටි

මහ පුදුමෙ මටම ම
ඔබ ගැන පෙමක් ඇතිවෙන්නෙ නැති හැටි
මං පුංචි කොල්ලෙක් තාම
ලව් කරන හැටිවත් දන්නෙ නැති

– දමිත් උදයංග දහනායක | තෙමි තෙමි ම මම –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top