
තැවුල් සයුර මැද සැනසුම් දූපත ‘යුනේෂියාව’
කවිය යනු හදට සමීප කලාවයි. බරපතළ සමාජ දේශපාලනික කතාබහ, ජීවිතයේ සමාජයේ සංකීර්ණ ‘මහාප්‍රාණ’ අදහස්වලට වඩා කවියක රස, කවියක වින්දනය හැම විටම රැදෙන්නේ කවිය, සරළ සියුම් හැඟුම් ප්රකාශනයක් වූ විටය යන්න මගේ හැඟීමයි. ජීවිතයේ දහසකුත් තැවුල් දොම්නස් නිවාලන්නට කොයි කාටත් කවිය දිව්‍ය ඖෂධයක් කොට ගත හැකි වන්නේද එබැවිනි. අයන්ත යුනේෂ්ගේ යුනේෂියාව කාව්‍ය සංග්‍රහය මෙකී සියුම් දිව්‍යමය…