ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං ... අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට... ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ දිලිසෙන ගෑනියෙක් ඉන්නවා මට දෑවැද්දකුත් එක්ක ම අම්මා හොයා දුන්... හදන්නට ගෙය හත් අට පොළකින් ම ගත් ණය ගෙවන්නට ඇතත් මැරෙනකං මහ ලොකුවට නැතත් තියනවා මට මගෙ ම කැතක් නැති ගේ පොඩිත්තක් ඔහේ වැටිලා ඉන්නට රිදෙන්නේ නැතිව ඉදිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන් දන්නවා හොඳහැටි මං ඉතින් මං සතුටින් පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං... තවත් වෙන මොනව ද මිනිහෙකුට මං හුඟක් සතුටින් ඉසුරු චාමර සෝමවීර තාණ්ඩව

ඔයා සතුටින් ද ? | ඉසුරු චාමර සෝමවීර

ඔයා සතුටින් ද ?

ඔයා සතුටින් ද ?
ඔව් මං හුඟක් සතුටින්
මඟුලකදි මල ගෙදරකදි
මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි
පොඩි පොඩි විහිළුවලටත්
මහ හඬින් හිනා වෙනවා මං …

අල ගෙඩි වගේ මහත
තක්කලි වගේ පාට
හුරුබුහුටි පොඩි උන්
දෙන්නෙක් ම ඉන්නවා මට…

ඔසරිය හැඩට අන්දා
ඕනෙම මහ සබාවක
ඉස්සර කරන් යා හැකි
පිත්තල වගේ දිලිසෙන
ගෑනියෙක් ඉන්නවා මට
දෑවැද්දකුත් එක්ක ම
අම්මා හොයා දුන්…

හදන්නට ගෙය
හත් අට පොළකින් ම ගත් ණය
ගෙවන්නට ඇතත් මැරෙනකං
මහ ලොකුවට නැතත්
තියනවා මට මගෙ ම
කැතක් නැති ගේ පොඩිත්තක්
ඔහේ වැටිලා ඉන්නට

රිදෙන්නේ නැතිව
ඉදිකටු තුඩු මතින්
ඇවිද යන හැටි දැන්
දන්නවා හොඳහැටි මං

ඉතින් මං සතුටින්
පොඩි පොඩි විහිළුවලටත්
මහ හඬින් හිනා වෙනවා මං…
තවත් වෙන මොනව ද මිනිහෙකුට
මං හුඟක් සතුටින්

  • ඉසුරු චාමර සෝමවීර
    තාණ්ඩව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top