
සිහින නිවහන – ඉසුරු චාමර සෝමවීර
සිහින නිවහන එකල අපි එඬේරන් මෙන් වීමු හැදූ වැඩූ ගහකොළ සිප කඳුළින් තෙමා කුලී නිවසින් නිවසට මාරු වී ආවෙමු දෑතින්ම දොර යතුරු බාර දී “ගිහින් එන්නම්” යැයි කියා අදත් නෙත් තෙත් කරන මතක පමණක් රැගෙන ආවෙමු මා පසෙක නිදියන, දාස්පෙති ගාලේ සමනලුන් හඹා යන, සුදුම සුදු, නිදිමත බැළලියක් විය අපට ඊළඟ…