“නුඹ කවිකාරී”

ජීවිතයම කවියක් කර ගත් ඇයට මුළු හදවතින්ම සවිය දෙන ඔහු, සෙනෙහසින් ගයන ආදරණීයම ගීතය. හදවතක හැඟීම් ගොන්නකට පණ දෙන්නට ගීයකට, එහි පද රචනයට සහ තනුවට කෙතරම් නම් හැකියාවක් තිබේ ද යන්න මැනවින් පසක් කරවන අපූර්ව ගීත නිර්මාණයක් ලෙස “නුඹ කවිකාරී” ගීතය හඳුන්වන්නට හැකිය. මෙම ගීතය නිර්මාණය වන්නේ ගායක සමන්ත පෙරේරාගේ හඬ මුසු වී, පබාශිනී හේරත්ගේ…

Read More

දුඹුරු ජැකට් (කෙටි කතාව) – යශෝධා වීරසිංහ මාපලගම

ඒක ප්‍රධාන නගරයෙන් ඇතුළට වෙන්න පිහිටි දුශ්කරම නොවුණත් ගම්බද පාසලක්. උසස් පෙළ දක්වාම පන්ති පැවතුණ ඒ පාසල ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධානම පාසල. නගරයෙන් සැලකිය යුතු තරම් දුරක් ඈතින් පිහිටි නිසාවෙන්දෝ ඒ ප්‍රදේශයේ ගැමි සුන්දරත්වය නොනැසී පැවතුණා. ප්‍රදේශවාසීන් වුණත් බහුතරය ඉතාම අව්‍යාජ ගැමියන් වුණා. පාසල එක් පසකින් මායිම් වුණේ විශාල වෙල් යායකට. තවත් පසකින් ප්‍රධාන මාර්ගයට….

Read More

සිහින නිවහන – ඉසුරු චාමර සෝමවී​ර

සිහින නිවහන   එකල අපි එඬේරන් මෙන් වීමු හැදූ වැඩූ ගහකොළ සිප කඳුළින් තෙමා කුලී නිවසින් නිවසට මාරු වී ආවෙමු   දෑතින්ම දොර යතුරු බාර දී “ගිහින් එන්නම්” යැයි කියා අදත් නෙත් තෙත් කරන මතක පමණක් රැගෙන ආවෙමු   මා පසෙක නිදියන, දාස්පෙති ගාලේ සමනලුන් හඹා යන, සුදුම සුදු, නිදිමත බැළලියක් විය අපට   ඊළඟ…

Read More
2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "ඔසාමාට එරෙහි යුද්ධය" නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය. 'කැත්‍රින් බිගෙලෝ' නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත "සීරෝ ඩාර්ක් තර්ටි" චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන - ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම 'සීරෝ ඩාර්ක් තර්ට්' තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ. "Zero Dark Thirty" හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ 'සීරෝ ඩාර්ක් තර්ට්' සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි. සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි. චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී 'මායා' ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි. දේශප්‍රේමය සහ දේශපාලනය චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. 'සීරෝ ඩාර්ක් තර්ටි' ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි. -මලින්ත විතානගේ-

ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty

2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට…

Read More
"ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ'' - Sinners කළු - සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන 'Sinners (පව්කාරයෝ)' හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික ශරීරය 'වෙනස' සලකුණු කරන සමාජ - සංස්කෘතික හා වාර්ගික පිටපතක් ලෙස ක්‍රියා කරනවා. ඇමරිකාව කෙතරම් දියුණු රටක් වුවද ඔවුන්ගේ සමාජයේ අනාදිතමත් කාලයක සිට පවතින දැවැන්ත සමාජ ගැටුමක් තිබේ. ඒ ඔවුන්ගේ ජාතිවාදය පිළිබඳ ගැටළුවයි. ඇමරිකානු සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් අතර ගැටුම පිළිබඳ දශක ගණනාවක සිට ඔවුන්ගේ සමාජයේ, ඉතිහාසයේ තිබෙන ප්‍රධානතම ජනප්‍රිය මාතෘකාවකි. මේ නිසාම හොලිවුඩි සිනමාවෙන් වසරකට ඇමරිකානු කළු ජාතිකයන්ගේ වර්ණ⁣භේදවාදය සම්බන්ධ කේමා ඇතුළත් බොහෝමයක් චිත්‍රපට නිෂ්පාදනය කරයි. 'Sinners' යනු එවැනි ගණයේ චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1930 දශකයේ පැවති කළු - සුදු වර්ණභේදවාදය ඉතාමත් දරුණුවට පැවති යුගයක සිදුවන අතිශය ප්‍රබන්ධ කතාවකි. කළු - සුදු වර්ණභේදවාදය මා වඩාත් අවධානය යොමු කරන කලාපයකි. එනයින් 'Sinners' යනු මා වඩාත් කැමතිම වර්ගයේ චිත්‍රපටයක් වන්නේ ඒ නිසා ය. සමේ වර්ණය නිසාම මනුෂ්‍යයන් අතර පවතින ගැටුම සිනමා ආඛ්‍යාන තුළ ස්ථානගත කරන්නේ කෙසේද? යන්න නිරික්ෂණය කළ යුතු අධ්‍යයන කලාපයකි. 'Sinners' සිනමාපටයේ බහුල ලෙස කළු ජාතිකයක්ගේ ආත්මය බඳු 'බ්ලුස්' සහ 'ජෑස්' සංගීතය භාව්තා වෙයි. අනෙක් පසින් කළු ජාතිකයන්ගේ ශ්‍රමය වගුරුවන ලද 'කපු වගාව' ද සිනමාපටයේ අවස්ථා ගණනාවකදි නිරූපණය වෙයි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිත යුගලය තෙරක් නොපෙනෙන කපු වගා භූමිය මැදින් තම ගමන් මාර්ගය සිදු කිරීම. චිත්‍රපටය බැලු බැල්මට සුදු ජාතිකයන් විවෙිචනය කරන ජාතිවාදී චිත්‍රපටයකි. කළු ජාතික ප්‍රජාව ඉතා සතුටින් නැටුම්, වැයුම්, ගැයුම් සමඟ සිටින මොහොතක ඔවුන්ගේ සතුටුදායක මොහොත උදුරා ගන්නට සුදු ජාතිකයන් ලේ උරාබොන වැම්පයර් වේශයෙන් පැමිණෙයි. චිත්‍රපටයේ පැහැදිලවම ⁣සුදු ජාතිකයන් ඉතා දුෂ්ට මිලේචිජසහගත පිරිසක් බව ඉන් සංකේතවත් වෙයි. මෙය හුදෙක්ම වැමිපයර්වරු සම්බන්ධ චිත්‍රපටයක් නොවන්නේ මෙතැනදිය. එය දේශපාලනික චිත්‍රපටයකි. ජාතිවාදී ප්‍රකාශනයකි. කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන 'රයන් කුග්ලර්' විසින් අධ්‍යක්ෂණය කළ 'Sinners' වැනි ජාතිවාදී චිත්‍රපටයක් හුදෙක්ම Horror පන්නයේ චිත්‍රපටයක් ලෙස සිතා බැහැර කළ නොහැකිය. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ 'බිලැක් පැන්තර්' වැනි සුපිරිවීර චිත්‍රපටයක් හරහා තම ජාතිය වීරත්වය නැංවීය. හොලිවුඩයේ සිටින ජනප්‍රිය කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන ජෝර්දාන් පීලේ අධ්‍යක්ෂණය කළ 'Get Out' වැනි Horror ශානරයේ චිත්‍රපටයේ ද මෙවැනි දේශපාලනික අන්තරගතයක් තිබුණි. 'Sinners' අන්තර්ගත වැමිපයර් කතන්දරයට අමතරව අප වඩාත් සියුම්ව කියවිය යුතු කාරණා රැසක් චිත්‍රපටය තුළ තිබෙි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇමරිකානු කළු ජාතික නළු 'මයිකල් බී. ජෝර්දන්' සිදු කරන රංගනය ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනා ගන්නට සමත්කම් දක්වයි. ඔහුගේ මුහුණේ අවස්ථානුකුලව වෙනස් වෙන භයංකාරත්වය සහ සතුට පිළිබඳ භාව ප්‍රකාශන නිරූපණය වඩාත් ප්‍රශස්ථ අන්දමින් සිදු කරයි. චිත්‍රපටයේ රතු සහ කළු වර්ණයේ ප්‍රභේද සංයෝජනය, කැමරාකරණය සහ ආලෝකකරණය චිත්‍රපටයේ කතාව තීව්‍ර කරන සිනමාත්මක සාධක වෙති. Low key Lightning (මඳ ආලෝකය) යටතේ රූපගත කර ඇති 'Sinners' Horror ශානරයට උචිත වර්ණ මාලාවක් භාවිතා කර තිබේ. ඒ අර්ථයෙන් 'Sinners' යනු සිනමාත්මක චිත්‍රපටයකි. නමුත් දේශපාලනික වශයෙන් චිත්‍රපටයේ ගෙනෙන ජාතිවාදී පණිවුඩය එතරම් හොඳ නැත. එය අධ්‍යක්ෂවරයාගේ අන්තගාමි ප්‍රකාශනයකි. චිත්‍රපටය ඇතුළේ ප්‍රමුඛ වශයෙන් මාතෘකාගත වන කාරණාව සුදු - කළු වර්ණභේදය බව අධ්‍යක්ෂවරයා විසින් දැනටමත් පවසා අවසන්. සුදු ජාතික ප්‍රජාව විසින් කළු ජාතිකයන් පාලනයට නතු කර ගැනීම සහ එය සිදු කරන්නේ කෙසේද? යන්න සහ කළු ජාතිකයන්ගේ වීරත්වය පිළිබඳ දෘෂ්ටිවාදී අදහස චිත්‍රපටය තුළ සංකේතානුසාරයෙන් නිරූපණය කරනවා. තම පැවැත්මට බාහිරින් තර්ජනයක් තිබෙිය යන මිථ්‍යාමය විශ්වාසය, ඇත්ත වශයෙන්ම මෙම බය ඒ ඒ ප්‍රජාවන් විසින් පරිකල්පනය කරනු ලබනවා මෙන්ම ඒක "පරිකල්පිත බියක්"(Imagined fear). එම පරිකල්පිත බිය වැම්පයර් වේශයෙන් දක්වයි. ස්මොක් සහ ස්ටැක් නිවුන් සොයුරන් දෙපළගේ දැඩි ආලකම විසින් ගිලගන්නා සුදු හම සහ කළු හම අතර ඇති ගැටුම අවසානයේ ලේ වැකුණු ප්‍රචණ්ඩත්වයෙන් ⁣කෙළවර වීම එක් පසෙකින් ජෝර්ජ් ෆ්‍රොලොයිඩ්ගේ මරණය දක්වා ඛෙිදවාචකය පිළිඹිබු කරන්නකි. අපි ප්‍රචණ්ඩත්වයේ සියවසක් පසුකරමින් සිටින බව යමි සංඥාවක් චිත්‍රපටය ඇතුළේ නිෂ්පාදනය කරනවා. ලෝක යුද්ධ, යටත් විජිත ජයග්‍රහණ, සිවිල් යුද්ධ, විප්ලව, ප්‍රතිවිප්ලව යනාදියෙන් මෙි සියවස පිරෙමින් පවතිනවා. ජාතිවාදී ගැටුමි නාමයෙන් මරණවලින් පාඩමි ඉගෙනගන්නට මනුෂ්‍යයා කිසිම මොහොතක සුදානමි නැති බව නැවත නැවතත් සිතන්නට බල කරන මෙවැනි ගණයේ චිත්‍රපටයක් අරපරෙස්සමෙන් යුතුව නැරඹිය යුතු ය. -මලින්ත විතානගේ-

ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ – Sinners

කළු – සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන ‘Sinners (පව්කාරයෝ)’ හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික…

Read More
Back To Top