ඉරක් ගසා හරි කෙළින් නූලට ඇද යා යුතුද ඒ මතින් ජීවිතය ඉදිරිය අපැහැදිලි කගකර මාවතක සුන්දර ම දේ හමුවණු බැරිද තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම් රෑ අහස සුන්දර ද මේ තරම් ඒ රැය කළ දෙග් සුව මතකයන් අවුල් වූ සිරියහන් මත බලන් බත් පතෙහි වූ කෙස් ගසක් වුව පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක සොදුරු සැමරුමක් වත් නොතබා ළග ඉවත ලන දේ ඇතිද මිහිමත කුසලානයක් නොවේ ජීවිතය දිනුම් කණු පසු කළ විට ලබන මේ දැන් මෙතැන ඇති මී විතකි ඔබට මට රස විගත හැකි හැර දමා ඇත දොර පියන් මිතුර ඒ එන්න බර අඩි තියන් කප්පාදු අඩු කතුරු,අඩි කෝදු සපුරා තහනම්ය,අහිතක් නොම සිතන්

ඉරක් ගසා හරි කෙළින් නූලට, ඇද යා යුතුද ඒ මතින් ජීවිතය | රෝහණ පොතුලියද්ද

ඉරක් ගසා හරි කෙළින් නූලට
ඇද යා යුතුද ඒ මතින් ජීවිතය
ඉදිරිය අපැහැදිලි කගකර මාවතක
සුන්දර ම දේ හමුවණු බැරිද
තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම්
රෑ අහස සුන්දර ද මේ තරම්
ඒ රැය කළ දෙග් සුව මතකයන්
අවුල් වූ සිරියහන් මත බලන්
බත් පතෙහි වූ කෙස් ගසක් වුව
පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක
සොදුරු සැමරුමක් වත් නොතබා ළග
ඉවත ලන දේ ඇතිද මිහිමත
කුසලානයක් නොවේ ජීවිතය
දිනුම් කණු පසු කළ විට ලබන
මේ දැන් මෙතැන ඇති මී විතකි
ඔබට මට රස විගත හැකි
හැර දමා ඇත දොර පියන්
මිතුර ඒ එන්න බර අඩි තියන්
කප්පාදු අඩු කතුරු,අඩි කෝදු
සපුරා තහනම්ය,අහිතක් නොම සිතන්
– රෝහණ පොතුලියද්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top