ඇලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ නම් මෙක්සිකානු සිනමාකරුවාගේ සුවිශේෂී බහු ආඛානමය සිනමා ශෛලිය පිළිබඳව විද්වත් සාකච්ඡා සහ චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් මේ මස 13 වන දින එනම් හෙට දිනයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨ කලාගාරයේදී පැවැත්වීමට නියමිත ව තිබේ. 'සිනමාත්මක අන්තර් වියමන්' - බහු ආඛ්‍යාන චිත්‍රපට උළෙල නමින් ම​ම චිත්‍රපට උළ​ල සංවිධානය කරනු ලබන්නේ පේරාදණිය විශ්ව විද්‍යාල ලලිත කලා අධ්‍යනාංශයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන තෙවන වසර විද්‍යාර්ථීන් විසිනි. මෙහිදී 21 Grams(2003), Amores Perros (2000) හා Babel (2006) යන චිත්‍රපට ත්‍රිත්වය ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර පිළිවෙලින් ආචාර්‍ය කලණ සේනාරත්න, ආචාර්‍ය කල්ප රාජපක්ෂ හා මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති යන විද්වතුන් විසින් චිත්‍රපට පිළිබඳ අදහස් දැක්වීම් සිදු කරනු ඇත. ඇකඩමි සම්මානලාභී ඇලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ සිනමාවේදියාගේ සුවිශේෂී බහු ආඛ්‍යාන සිනමා ශෛලි​ය සමරනු ලබන මෙම අපූර්ව සිනමා උළෙල, ලාංකේය සිනමා රසිකයන් මඟහැර නොගතයුතු අපූර්ව අත්දැකීමක් වනු ඇති බව අපගේ විශ්වාසය යි. 

‘සිනමාත්මක අන්තර් වියමන්’ – බහු ආඛ්‍යාන චිත්‍රපට උළෙලක් පේරාදෙණි සරසවියේ දී

ඇලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ නම් මෙක්සිකානු සිනමාකරුවාගේ සුවිශේෂී බහු ආඛානමය සිනමා ශෛලිය පිළිබඳව විද්වත් සාකච්ඡා සහ චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් මේ මස 13 වන දින එනම් හෙට දිනයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨ කලාගාරයේදී පැවැත්වීමට නියමිත ව තිබේ. ‘සිනමාත්මක අන්තර් වියමන්’ – බහු ආඛ්‍යාන චිත්‍රපට උළෙල නමින් ම​ම චිත්‍රපට උළ​ල සංවිධානය කරනු ලබන්නේ පේරාදණිය විශ්ව විද්‍යාල ලලිත කලා…

Read More
Back To Top