
‘ඔස්ට්‍රියානු සංස්කෘතික භීතිකාව නොහොත් ආගමික මිථ්‍යාවෙන් සියදිවි නසා ගැනීම’ – ‘The Devil’s Bath’
උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව විසින් වනයේ කඳුකරය අසබඩ පිහිටි දියඇල්ලක ඉහත්තාව අසල නතර වෙයි. ඇගේ ගෙලෙහි ඇති ඇට මාලය ගලවා බිළින්දා ගෙලෙහි පළඳවයි. බිළින්දා නොනවත්වා හඬයි. බිළින්දාගේ හඬත්, දියඇල්ලේ ජල පහරේ හඬත් අනුනාද වෙයි. ඊළඟට රූපය ජේදනය වන්නේ එකවරම මව විසින්…