
නූතන කෙටිකතාවට පැරණි සිංහල කතා කලාව බලපෑ ආකාරය.
සිංහල කෙටිකතාව ප්‍රධාන වශයෙන් මත දෙකක් ඔස්සේ විකාශනය වූ බව විද්වතුන් අදහස් පළ කර තිබේ. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ කෙටිකතාව විකාශනයට සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ බලපෑවේ කෙසේද යන්නයි. මෙහි එන බොහෝ කරුණු උපුටා ගන්නා ලද්දේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද වහල්ලු කෙටිකතා සංග්‍රහයේ එන දීර්ඝ ලිපියත්, මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා විකාසනය යන කෘතියත්…