
ගඟක්’සල කුඩා ඔරු බඳ!! | නදුන් යසිත දසනායක
අකුරු ගලන වදන් ගඟ හැමදාම කවි ටිකක් දී යන මහ ගැඹුරු ගඟ සිතේ විල් සියපත් තියාගෙන දිය රැළි කරකවා මතකයේ සුළි’තර ගඟබඩට මා කැඳවා මිටක් වන් දියක් දී යන්න යන මේ ගඟ… පපුතුරේ සඟවාන මීන කුඩාම පාසි කැටිත්තක හීන මගෙම සෙවනැලි අවුලේ රූ මතක පා කර වතුරතරේ වදන් නිමවන කල්පිතාන්දරයාණෙනී, සියුම් ගෝෂාවක සවන් සනහාලන මිහිරේ…