පරීක්ෂාව | නන්දන වීරසිංහ

පරීක්ෂාව | නන්දන වීරසිංහ

යාබද ගෙවතුවල ගහ වැල
හෙළන පත් පැමිණ වැතිරෙන
එක ගහක් වත් නැති
අපෙ කුඩා ගෙමිදුල

එළැඹෙන හැම උදයක ම
පත් ඇතිරිය ය අබියස

දිනට නියමිත කටයුතු
අතර මුල් තැන ගෙන ඇත
ඇමැදීමේ වතාවක

‘වස්සානයේ සිහින සුවය ද
සැඩ තාප මාරුත වේග ද
සම ලෙස විදුම අවසනැ
විදුමෙන් ම වියපත් වූ පත් මත
සෙමෙන් බැතියෙන් අවිදිමු’යි
පෙර මා ලියා ඇති වග දැන

යළි යළි කොළ හෙලා මිදුලට
අවට තුරුලිය මේ ලෙස
මා කෙබඳු කවියෙකු දැ යි
සියුම් විමැසුම් මුද්‍රාවෙකින්
යම් පරීක්ෂාවෙක වත් ද?

  • නන්දන වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top