‘ජීවිතය කුඩා ගල් කැටයක් තරමි බරද?’ – Good One Sinhala review

‘ජීවිතය කුඩා ගල් කැටයක් තරම් බරද?’ – Good One

ජිවිතයේ තමන් ඇතුළේ තියෙන හැඟීම් තවත් කෙනෙක් එක්ක බෙදාගන්න උවමනාව ඇතිවෙන්නේ ඒ හැඟීම් කන්දරාව හුඟක් බරට දැනෙන කොට. ලොකු දුකක් වුණත් සතුටක් වුණත් ඒ දේ තව කෙනෙක් එක්ක බෙදා ගන්න දෙපාරක් හිතන්නේ නෑ. සෑමි කියන්නේ අන්න ඒ වගේ ගැහැණු ළමයෙක්. දුක කියන හැඟීම තව කෙනෙක් එක්ක බෙදා ගන්න ළතැවේවි ඉන්න කෙනෙක්. අවුරුදු 17ක වයස ‘සෑමි’…

Read More
rajya sahithya sammana 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 ‍| සම්මානිත සාහිත්‍ය කෘති

සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍යකරණයේ නියුක්ත ලේඛක ලේඛිකාවන්ට ගෞරව බහුමාන දක්වන අභිමානවත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ දි​න (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේදී පැවැත්වුණා. එහිදී සම්මානයට පාත්‍ර වූ සුවිශේෂී සාහිත්‍ය කෘති ලැයිස්තුව පහළින්. රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 හොඳම පිටකවර නිර්මාණය – එන්න එපා දියසෙන් – මාලක ලලනජීව හොඳම…

Read More

බ්‍රිතාන්‍ය තේ කෝප්පයක ලංකික කහට පැල්ලම  කැමෙලියා විරාජිනී තෙන්නකෝන්

ජීවිතයේ සෑම විටම සුදු කළු දෙපාර්ශවය තරඟ වදියි. අලාභය ලාභය සමඟත්, රෝගීබව නිරෝගීබව සමඟත්, නරක හොඳ සමඟත් සදාකාලික අනවරත මාවතක ඉදිරියට ගමන් කරමින් ඇත. කැමෙලියා ඒ මාවතේ පිහිටි හරිතමය තේ වතු පිරුණු ජීවන දළ බෑවුමක සිට උණුසුම් තේ කෝප්පයක සරලබව පානය කරන අතරතුර යටත් විජීතවාදී  හා සංස්කෘතික සංකීර්ණබව  විඳීමට ඉඩ සලස්වන නවකතාවයි. තම පියා කවුරුන්ද…

Read More

තමන්ට ආදරය කරන එක හුඟක් ලස්සන දෙයක්

තමන්ට ආදරය කරනවා කියන්නේ ඔයාගේ ණය ටික පිළිවෙලකට ලියලා, බලෙන්ම මෝනින් රූටින් එකක් පටන් ගන්න එකට. ඔයාට කන්න පෝෂ්‍යදායි ආහාර වේලක් උයා ගන්න එකට. තව දුරටත් ඔයාගේ ප්‍රශ්න වලින් පළා නොගිහින්, තාවකාලිකව හිත සනසන දේවල් විසඳුම් විදියට ගන්නේ නැතිව ඉන්න එකට. හුඟක් වෙලේට තමන්ටම ආදරය කරනවා කියන්නේ, මහන්සි වෙලා තවත් වර්කවුට් එකක් කරනවා වගේ, නැතිනම්…

Read More

සීමා මායිම් නොමැති කවියා හා කවීත්වය

අධිපති මතවාදී ධාරාවෙන් බැහැර කවියක හා කවියකුගේ පැවැත්ම කෙබදුද…මට මෙය විමසන්න සිතුණේ විජය නන්දන පෙරේරා ගේ ‘සහස්පත්’ හා සරත්චන්ද්‍ර වල්පොල ගේ’ ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍යමය ප්‍රකාශනයන් විදීමෙන් අනතුරුවය. මේ සහෝදර කවියන් දෙදෙනාම දශක ගණනාවක සිට සිය නිර්මාණාත්මක ප්‍රකාශනයන් විවිධ අයුරින් සමාජගත කරමින් සිටිති.එහෙත් ඔවුනගේ එම ප්‍රකාශනයන් අරඹයා සහෘද හා විචාර ප්‍රතිචාර බෙහෙවින් අවමය..ඒ කවිය…

Read More

සියුම් චිත්ත වේගයන් (Melancholy) සාහිත්‍යයේ දී අපට වැදගත් වන අයුරු.

මෙම ලිපියෙන් අපට අවශ්‍ය වන්නේ සෞන්දර්යාත්මක හැඟීමක් ලෙස ශෝකයේ අදාළත්වය සහ වැදගත්කම පෙන්වීමටයි. කලා කෘති සමඟ අප බැඳෙන විට ශෝකය විසල්  භූමිකාවක් ඉටු කරයි, එය ස්වභාවික පරිසරයට සම්බන්ධ වන  අපගේ සමහර සෞන්දර්යාත්මක ප්‍රතිචාරවල ද පවතී. Melancholy සෞන්දර්යාත්මක හැඟීම් සලකා  බැලීම් හොඳින් අර්ථ දක්වා ඇති සෞන්දර්යාත්මක සන්දර්භවල පමණක් නොව, ශෝකයට හේතු වන එදිනෙදා තත්වයන් තුළද ක්‍රියාත්මක…

Read More

ජෑස් නාදය සහ ගීතය ගැන සිතන්නට යමක්

“යම් ඕනෑම නිශ්චිත කලාකෘතියක්,සංජානනය කර ගැනීමෙහිලා පුද්ගලයකු හට ඒ වටා ඇති පසුබිම නිසැකවම බලපානවා” මෙය යම්තාක් ග්‍රාහකශීලී දෘෂ්ටිකෝණයකින් පමණක් නොව ඒ තුළ වඩා රසබර ප්‍රවේශයකින් විග්‍රහ කළ යුත්තක්.ගීත වනාහි මෙවැනි ජනප්‍රිය සංස්කෘතිය වේගවත් සහ සක්‍රීය සමාජ තලයක ඉතාම සුලභයි.එක් පැයකදී ලොව තරු මාදිලියේ ගීත ප්‍රචාරක වැඩසටහන් තුළින් නව්‍ය ගීත කීයක් ලොවට විවර වෙනවාද? එය ප්‍රමාණාත්මක…

Read More

“ලොතරැයිය ” කෙටි කතා සංග්‍රහය ගැන කෙටි විමසුමක්

    ෂර්ලි ජැක්සන් – ලොතරැයිය අත්තනෝමතික දේශපාලන අගතීන් නිසා ජීවිත අඳුර ම උරුම කර ගත් පීඩිතයන් පීඩකයන්ට එරෙහි වීම වළක්වාලිය හැකිද?එය ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් යථාර්ථයකි.ලොතරැයියක් දිනුම් ඇදීම වැනි අවස්ථාවක් කේන්ද්‍රීය අත්දැකීම ලෙස ගෙන මානව සබඳතාවන්හි වේදනාත්මක ස්වරූපය සමග ඒකාත්මික කොට නිර්මාණාවේශයක් වූ කල්හි එය කෙතරම් වටින්නේ ද ට්සිකා කෝටා -පොළව ලේ උරා බීහ…

Read More

වැඩිමහල්ලන්ගේ කවියකි | දර්ශන මේදිස්

කෙලවර ඉඩෝරය වැසි පල ලැබෙන වාරය බිම් කොටා හමාරය දැන් බිජු ඉසින මාසය අපට දැඩි වෙහෙසය දඬු මැසි බැඳිය නොහැකිය නුඹේ දෑත් යදඬුය හේනට කෙතට පුරුදුය පොලොව සරුසාරය බිරියන් වැඩට සූරය පලදාව නිසැකය ගොවියනි, දිනුම සිකුරුය නිරි සතුන් බහුලය ඉනි වැට බිඳිනු ලෙහෙසිය වල් අලින් දරුනුය ගිනිමැල ගැසිය යුතුමය නොබලා මාන්සිය දරුවනි, උදව් දීපිය අපට…

Read More

උපස්ථිතිවාදය (Impressionism) | ධනංජය රණවක

උපස්ථිතිවාදය (Impressionism) යනු එවකට තිබූ සිතුවම් සම්ප්‍රදායන් නොසලකා හරිමින් කලා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ පෙරළිකාර කලා ව්‍යාපාරයකි…19 වැනි සියවසේ අගභාගයේදී ප්‍රංශයේ මතු වූ උපස්ථිතිවාදය සාම්ප්‍රදායික යථාර්ථවාදී ලක්ශණ සහ විස්තර සමග ආලෝකය, වර්ණය සහ චලනය ගැන කලාකරුවාගේ දැක්ම විස්තර කරන්නට විය… මෙම රැඩිකල් ප්‍රවේශය ප්‍රංශ කලා අධිකාරිය විසින් මුලින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් අවසානයේ එය…

Read More
Back To Top