මළ ගෙදර | ඉසුරු චාමර සෝමවීර

පහසු නැත
සීරුවෙන් තේරිය යුතුය
යහපත් වචන
තවරා ගත යුතුය
මඳ ශෝකය

හඳුන්වා දිය යුතුය මා
යාළුවෙක්…
යාළුවෙක් ?
ඔව් යාළුවෙක්…

හැඬීමට අවසර නැත මට
ඔබේ සැමියා ගෙන එන
නෙස්කැෆේ තිත්තය
ඔබ දෙතො පෙර මෙන්
මෘදු නැත
කළුය වියළිය
මල් වඩම් වගුරන
සුවඳ අපුලය

යා යුතුය මා ආපසු

– ඉසුරු චාමර සෝමවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top