මළ ගෙදර | ඉසුරු චාමර සෝමවීර

පහසු නැත සීරුවෙන් තේරිය යුතුය යහපත් වචන තවරා ගත යුතුය මඳ ශෝකය හඳුන්වා දිය යුතුය මා යාළුවෙක්… යාළුවෙක් ? ඔව් යාළුවෙක්… හැඬීමට අවසර නැත මට ඔබේ සැමියා ගෙන එන නෙස්කැෆේ තිත්තය ඔබ දෙතො පෙර මෙන් මෘදු නැත කළුය වියළිය මල් වඩම් වගුරන සුවඳ අපුලය යා යුතුය මා ආපසු – ඉසුරු චාමර සෝමවීර

Read More

මල් නමැති ආඛ්‍යානය | ටිම්රාන් කීර්ති

අහවරය සිතා සිටි කාරණා හගිස්සන නඩු වාරයක් වැනි නියඟය මා උයන්කරුවෙකු කළ අතින් ඇද වතුර වක්කරන පොඩිපුතු මා පසින් වතුරට අධිපති දේවතාවා ලෙසින උස් කොවුලකට නැගගත් මල් වැලකි නොමැරුණ එහි මලක් පිපුණේ කොහොමද “වතුරත් නැතුව ඊටත් වැඩිපුර ළංව අහසට” පුතෙක් තාත්තෙකුගෙන් අහන්නේ අම්මා ඇසිය යුතු ඒවද? මව්කිරි අල්ලසක් යැයි කීවොත් වැහි නැතිව හෙන ඒවිද ?…

Read More
‘තරුවකට හැමදාම පවතින්න බැහැ’ – The Substance Sinhala review

‘තරුවකට හැමදාම පවතින්න බැහැ’ – The Substance

‘ලිසී ස්පාකල්’ කියන්නේ ටෙලිවිෂන් එකේ අතිශය ජනප්‍රිය තරුවක්. ලිසී නගරයේ එපාර්තමේන්තුවක වාසය කරන්නේ තනියම. ලිසීට කියලා කාත් කවුරුත් නෑ. අර විදියට ඉන්න, මෙි විදියට ඉන්න කියලා ඇඟිල්ල දික් කරලා බල කරන කාත් කවුරුත් ලිසීට කියලා නෑ. පිරිමින්ව වසඟයට ගන්න පුලුවන් ලස්සන හැඩ ඇඟක් තියෙන ලිසීට තියෙන ප්‍රේක්ෂක ආකර්ෂණයයි, ඉල්ලුමයි ටිකෙක් ටික අඩුවෙනවා. ලිසී පෙනී ඉන්න…

Read More

2024.10.27 | තරින්ද්‍ර ගලහේන

ඉරිදා තේ බෑගයක් වගේ හැන්දෑව අහසෙ දිය වුනා අහගෙන හිටපු සින්දුව ඉවර වෙලා කියල මට තේරුනේ සෑහෙන වෙලාවකින්! මම දිග හුස්මක් අරගෙන රාත්‍රිය පිළිගන්න සූදානම් වුනා තාමත් ලපටි රාත්‍රිය තුවාල කරගෙන තනින් තැන විදුලි එලි දැල්වෙන්න පටන් ගත්තා “ඇත්තටම, ආලොකය ගැන මොකද්ද මේ මිනිස්සුන්ට තියන සලබ උමතුව?” මම නිහඬතාවයේ ඉඳල කල්පනා කළා මේ නිහඬතාවය කණනාඩි…

Read More

කාර්මික විප්ලවයෙන් පසු අපරදිග කලා​ව

මෙතනින් පටන්ගන්න හේතුව Western Art ගැන කතාකරනකොට ඒකත් එක්ක කතාකරන්න වෙන Romanticism, Realism සහ ඉන්පස්සෙ ආපු Impressionism වගේ Art Movements ගැන කතානොකර බැරි හින්දා, ඒකට ගත්තු ප්‍රවේශය තමයි කාර්මික විප්ලවය….මින් ඉදිරියට එන ලිපිවල මේ Movements කීපය අඩංගුවෙන හින්දා මුල ඉඳන් හදාරණ කෙනෙක්ට මොනවහරි අයිඩියා එකක් මේකෙන් එයි කියලා හිතනවා පොදුවෙ “Art Movement” එකක් කියන්නෙ මොකක්ද…

Read More

කසුකුසුව 11 – තරිදු දම්සර සමග

පොලිස් නිලධාරියා අපට බැන වදිද්දි ඔහුට පෙනෙන්නට තරමක් එහාට වුණු අපි, ඔහු නික්ම යාමෙන් අනතුරුව නැවත බංකුවේ තරමක් ළගින් හිද ගත්තෙමු. මම ගෙදරින් කෝච්චියේ යන ගමන් කියවන්නට මහින්ද අයියාගේ “ඇහි පියන් ඇහැරිලා” කවි පොතත් තවත් කවි පොත් කිහිපයකුත් අපේ බංකූවේ පැත්තක ය. සාක්කුවේ මගින් ගත් ගින්නෙන් උපන් සීතලකි. මා ඇගේ උකුල මත හිස තබාගැනිමේ වරද…

Read More

කුණ්ඩලකේසී | රුවන් බන්දුජීව

  කෙස්ස උස්කරන් බැඳගෙන – රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට – තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී මාල කඩනවා සත්තුක – කංසා බෙදනවා සත්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී බතක් මාළුවක් බැඳගෙන – පියාඹා ගිහින් වැලිකඩ කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී සූදු…

Read More
කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in Sinhala review

කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in

අවුරුදු 16ක වයස ලින්ඩ් කියන්නේ මානසික වශයෙන් සෑහෙන කඩාවැටීමකට ලක්වෙලා ඉන්න කෙල්ලෙක්. ඒකට හේතුව තමයි ලින්ඩ්ට තියෙන්නේ MRKH syndrome එක. ඒ කියන්නේ ලින්ඩ් දැනගන්නවා තමන්ට අනාගතයේ දරුවෝ හදන්න අවස්ථාවක් නැති විත්තිය. ඒ කියන්නේ මෙි සින්ඩ්‍රෝමි තත්ත්වයට අනුව ලින්ඩිට ගර්භාෂයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. අඩුම තරමින් ලින්ඩ්ට සෙක්ස් කරන්නවත් බෑ. ඒ තරමට මෙි සින්ඩ්‍රෝම් එක ලින්ඩ්ට…

Read More
ආදරේ නිම්නයක සෝ හඬින් ගැයෙන මාත්‍රා මත වැතිර සුසුම්ලන සුළඟ හී සරක් සේ වැදී නගන වැලපුම වැදි රජෙකු සේ නැගී බිඳියි හද ගෙල... නිම්නාවාට පිරි උල්කාශ්මික ගනාන්දකාරයට හැරුණු පෙම් ස්වර ආනන්දනීය නොව ශෝකාන්තික ගිලිහීම ගැන කියන විසලාවාට අප ගැනම නොවේ මේ පවසන්නෙ අරුත විසල් ලෝකයක මහ ගිළිහුමක පවස මීවනින් වැසී ගිය විසල් සෙල් යට දියසෙවල ලිස්සන ගැඹුරු මහ හෙල ගුහාගත ආත්මෙක වවුල් තටු දුගඳ සදාකාලික අඳුරු ඇස බැඳෙන දැළ ඔබ නොමැති ලොව වටා සැරිසරන නමුදු අප අවට මල් පිපී මැරී යනු නොවෙද? දහසකින් සොයාගත නොහැකි බව දැනෙන නමුදු ඒ ආත්මයෙ හැව ඉරනු මිස ඉරීගිය තැනින් යළි ඇදී යනු මිස? ගිලිහීම ගැන කියන වදන'ඹර බිඳෙන ලෝකාන්තික දූපතේ කුඩා තැනෙක ශෝකාන්තික බවින් තැනුණු පිලිමයක හිස බිඳී පාව යන රුවන් මළකුණ දෙස බලා හිඳින යම් කුරුල්ලෙකු ඇත ඒ මගේ ආත්මයෙ යම් තැනක හිඳ කූඩුවක් තනාගත් කුරුල්ලෙක් වෙද? නොම දනිමි නොම දනිමි ඒ කුඩා රුව අතහරිමි අතහරිමි ලෝකාන්තෙට... වෙන්ව යෑමක අරුත සෙවිය යුතු අහස තාරුකාවකට සමු දීම මිස නැවත වැටුණු තැන් බල බලා සුසුම්ලනු නොමැත දිලිසීම ආත්මය විදාරණු මිස... සිවුවණක් දුක් ලකුණු සෙමෙන් මගහැර පස්වණක් තාරුකා සුපායනු නොවෙද රන්වණින් ඉර සොයන ඉර්තු නැති වුව අප'ඳුරු නවාතැන් පසු කළ යුතුද...? - නදුන් යසිත දසනායක

අප’ඳුරු නවාතැන් පසුකළ යුතුය.. | නදුන් යසිත දසනායක

ආදරේ නිම්නයක සෝ හඬින් ගැයෙන මාත්‍රා මත වැතිර සුසුම්ලන සුළඟ හී සරක් සේ වැදී නගන වැලපුම වැදි රජෙකු සේ නැගී බිඳියි හද ගෙල… නිම්නාවාට පිරි උල්කාශ්මික ගනාන්දකාරයට හැරුණු පෙම් ස්වර ආනන්දනීය නොව ශෝකාන්තික ගිලිහීම ගැන කියන විසලාවාට අප ගැනම නොවේ මේ පවසන්නෙ අරුත විසල් ලෝකයක මහ ගිළිහුමක පවස මීවනින් වැසී ගිය විසල් සෙල් යට දියසෙවල…

Read More
Back To Top